26.7 C
Colombo
Saturday, July 19, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNews"මේ තහනමෙන් මගේ මානව හිමිකම් කඩවුණා"

“මේ තහනමෙන් මගේ මානව හිමිකම් කඩවුණා”

තමාට හා බිරිඳට අමෙරිකාවට ඇතුළු වීම වළක්වාලමින් පනවා ඇති තහනම සම්බන්ධයෙන් හිටපු නාවික හමුදාපති අද්මිරාල් ඔෆ් ද ෆ්ලිට් වසන්ත කරන්නාගොඩ මෙරට අමෙරිකානු තානාපති ජූලී චංග් වෙත ලිපියක් යවා ඇති බව වාර්තා වෙයි.

ඔහු මෙම ලිපියෙන් දක්වා ඇත්තේ මෙම තහනම් පැනවීම සම්බන්ධයෙන් තමාගේ මානව හිමිකම් කඩ වී ඇති බවත් ඒ පිළිබඳව අධිකරණමය ක්‍රියාමාර්ගවලට යොමුවන බවත්ය.

අදාළ නියෝගය නියමිත ක්‍රියාපටිපාටිය මගින් ගනු ලැබූවක් යැයි නෛතික වශයෙන් ඉදිරිපත් කර ඇතත් අමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා ඊට අදාළ චෝදනා පිළිබඳව තමා දැනුවත් කර නොමැති බවයි ඔහු එම ලිපියෙන් පෙන්වා දෙන්නේ.

වසර 14ක් පුරාවට තමා හෝ තමාගේ බිරිය අමෙරිකාවෙ වීසා අයැදුම්කර නොමැති පසුබිමක මෙලෙස තහනම් පැනවීම නියමිත ක්‍රියා පටිපාටියට අනුව සිදුකළා යැයි පැවසිය නොහැකි බවයි ඔහු පවසන්නේ.