― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsමේ වසරේ සහල් ආනයනය කරන්න අවශ්‍ය නැහැ

මේ වසරේ සහල් ආනයනය කරන්න අවශ්‍ය නැහැ

මෙම වසර තුළ කිසිසේත්ම පිටරටින් සහල් ආනයනය කිරීමේ අවශ්‍යතාවක් නොමැති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පැවසීය.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ යල කන්නයේ වී වගාවට අවශ්‍ය කෘෂි යෙදවුම් සම්බන්ධව කෘෂිකර්ම අමාත්‍යංශයේදී පැවති සාකච්ඡාවක් අමතමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ මෙවර යල කන්නයේදී වී වගා කිරීමට අපේක්ෂිත ඉලක්කය කුඹුරු හෙක්ටයාර් 602,247ක් බවත් මෙතෙක් වසර දහයකට පසු යල කන්නයකදී වී වගා කරන වැඩිම කුඹුරු ඉඩම් ප්‍රමාණය 2022 යල කන්නයේදී වාර්තා වී ඇති අතර එය හෙක්ටයාර් 512,000ක් බවත්ය.

නමුත් 2023 යල කන්නයේදී වගා කිරීමට අපේක්ෂිත ඉඩම් ප්‍රමාණය සලකා බලන විට බොහෝ විට මෙතෙක් අප රටේ වී වගා කළ කුඹුරු ඉඩම් ප්‍රමාණය මෙවර යල කන්නයේදී වාර්තා වීමට ඉඩ ඇති බවයි අමාත්‍යවරයා අවධාරණය කළේය.

එමෙන්ම මේ වනවිට පුද්ගලික අංශය මගින් ද අවම මිල ගණන් යටතේ පොහොර අලෙවි කිරීමට කටයුතු කිරීම නිසා රජය මගින් ලබා දෙන පොහොර පමණක් නොව ගොවි ජනතාවට පුද්ගලික අංශයෙන් ද තමන්ට අවශ්‍ය පොහොර මිල දී ගැනීමට අවශ්‍ය පහසුකම් සපයා ඇති බව ද මෙම සාකච්ඡාවේදී අනාවරණය වී ඇත.