24 C
Colombo
Monday, October 20, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsලොව කුඩාම සමෙහි පිළිකාව හඳුනාගනී

ලොව කුඩාම සමෙහි පිළිකාව හඳුනාගනී

මෙතෙක් හඳුනාගත් ලොව කුඩාම සමෙහි පිළිකාව හඳුනාගැනීමට ඔරිගන් සෞඛ්‍ය සහ විද්‍යා විශ්ව විද්‍යාලයේ චර්ම රෝග පිළිබඳ සහකාර මහාචාර්ය වෛද්‍ය ඇලෙක්සැන්ඩර් විට්කොව්ස්කි සමත්ව ඇත.

පිළිකාව විශාලත්වය මිලිමීටර් 0.65 ක් බවත් මෙම පිළිකාව මෙලනෝමා නම් මාරාන්තික සමෙහි පිළිකා වර්ගයට අයත් බවත් වෛද්‍ය ඇලෙක්සැන්ඩර් විට්කොව්ස්කි ප්‍රකාශ කර තිබේ.

මෙම පිළිකාව ලොව හඳුනාගත් කුඩාම සමෙහි පිළිකාව වීම හේතුවෙන් ගිනස් ලෝක වාර්තාව ද හිමිව තිබෙනවා.

ක්‍රිස්ටි ස්ටාට්ස්ට නම් රෝගී කාන්තාවගේ කම්මුලේ මෙම පිළිකාව තිබී ඇත. මිලිමීටර් 0.65 ක් යනු ඇසට නොපෙනෙන තරම් ප්‍රමාණයක් වන අතර දොස්තර විට්කොව්ස්කි ජංගම දුරකතනයේ කැමරාවට සවි කිරීමට නිර්මාණය කළ ඔහුගේම උපකරණයක් භාවිතයෙන් පිළිකාවේ ඡායාරූපයක් ගෙන පසුව එය හඳුනා ගෙන ඇත.

අදාල කාන්තාව පැමිණ ඇත්තේ ඇස යට තිබූ ලපයකට බෙහෙත් ගැනීම සඳහා වන අතර එම අවස්ථාවේ ඇයගේ එම කම්මුලේ තිබූ තවත් ලපයකට දොස්තර විට්කොව්ස්කිගේ අවධානය යොමුව තිබෙනවා.