― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsලෝකෙන්ම හොඳම කජු තියෙන්නේ ශ්‍රී ලංකාවේ - බෙල්ලන්විල ධම්මරතන හිමි

ලෝකෙන්ම හොඳම කජු තියෙන්නේ ශ්‍රී ලංකාවේ – බෙල්ලන්විල ධම්මරතන හිමි

වියට්නාමය, ඉන්දියාව, කාම්බෝජය ආදී ලෝකයේ කජු නිෂ්පාදනය කරන රටවල් අතරින් රසයෙන්, ගුණයෙන් හොදම කජු තිබෙන්නෙ ලංකාවේ බවත් ලංකාවේ හොදම කජු තිබෙන්නෙ ශ්‍රී ලංකා කජු සංස්ථාවේ බවත් බෙල්ලන්විල රාජමහා විහාරාධිපති ආචාර්ය පූජ්‍යපාද බෙල්ලන්විල ධම්මරතන හිමියෝ පැවසූහ. උන්වහන්සේ එලෙස අදහස් පළකළේ ශ්‍රී ලංකා කජු සංස්ථාවේ 50 වෙනි සංවත්සරයට සමගාමීව ගරුතර මහා සංඝරත්නය විෂයෙහි ඊයේ ( මැයි 2 ) දහවල් රාජගිරිය කජු සංස්ථා ප්‍රධාන කාර්යාල පරිශ්‍රයේදී පැවති සාංඝික දානමය පින්කමට වැඩවමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් පළකළ උන්වහන්සේ මෙරට කජු නිෂ්පාදනයන් ප්‍රචාරණ ක්‍රමවේදයන් හරහා තවදුරටත් ලෝකයට ගෙනයමින් කජු ආශ්‍රිත අපනයන ආදායම වැඩිකරගත යුතු බවත් එය මෙරට විදේශ විනිමය ආදායම් වැඩිකරගැනීමට හොඳ අවස්ථාවක් බවත් පැවසූහ.

ශ්‍රී ලංකා කජු සංස්ථාව රාජ්‍ය කෘෂිකාර්මික සංස්ථා පනතේ විධිවිධාන යටතේ 1973 මැයි 25 වන දින අංක 60/7 දරණ අති විශේෂ ගැසට් පත්‍රයට අනුව පිහිටුවා ඇත. ඉතාමත් උසස් තත්ත්වයේ කජු නිෂ්පාදනය කිරීම තුළින් ශ්‍රී ලංකාව ලෝකයේ කජු අපනයනය කරන ප්‍රමුඛතම රටක් බවට පත්කිරීමේ දැක්මෙන් යුතුව ක්‍රියාත්මක වන ශ්‍රී ලංකා කජු සංස්ථාව සිය 50 වෙනි සංවත්සරය වෙනුවෙන් වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කොට ඇති අතර එහි ආරම්භය ලෙසින් මෙලෙස දහවල් දානමය පින්කම ඉෂ්ඨ සිද්ධ කෙරිණි.

මෙම අවස්ථාවට ඇතුල්කෝට්ටේ සුනේත්‍රාරාම විහාරාධිපති ශාෂ්ත්‍රපති පූජ්‍යපාද ඇලිකේවල සීලානන්ද නාහිමි, කෝට්ටේ ශ්‍රී නාග විහාරය හා රාජගිරිය සුධර්මාරාමය යන උභය විහාරාධිපති රාජකීය පණ්ඩිත දර්ශනපති පූජ්‍යපාද වතුරුවිල සිරි සුජාත නාහිමි, අනුරාධපුර දහම්සෙවන ආරණ්‍යවාසි ආචාර්ය පූජ්‍යපාද ගොතටුවේ ඉන්දකිත්ති නාහිමි ඇතුළු ගරුතර මහා සංඝරත්නය වැඩමවා වදාළහ.