27.8 C
Colombo
Friday, July 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsසූර්ය බලශක්තිය සඳහා නව මිල සූත්‍රයක් ?

සූර්ය බලශක්තිය සඳහා නව මිල සූත්‍රයක් ?

පසුගිය වසරේ එම ක්ෂේත්‍රයට හඳුන්වා දුන් ගාස්තු සංශෝධනය අහෝසි කරමින් සූර්ය බලශක්තිය සඳහා නව මිල සූත්‍රයක් හඳුන්වා දීමට ලංකා විදුලිබල මණ්ඩලය සූදානම් වන බව වාර්තා වෙනවා.

පසුගිය වසරේ හඳුන්වා දුන් නව ගාස්තු සංශෝධනයෙන් පසු දේශීය සූර්ය බලශක්ති සංවර්ධකයින් ඉදිරිපත් කළ දුක්ගැනවිලි සැලකිල්ලට ගනිමින් ජනාධිපති ලේකම් කාර්යාලයේ පසුගියදා පැවති සාකච්ඡාවකදී මෙම තීරණය ගෙන ඇති බව සඳහන්.

ඒ අනුව අදාළ කැබිනට් පත්‍රිකාව විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය විසින් නුදුරේදීම ඉදිරිපත් කිරීමට නියමිත බව විශ්වාස ආරංචි මාර්ග පවසන්නේ.

මේ වන විටත් තීරණය ගෙන ඇති බවත්, මිල සූත්‍රය ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය ලැබෙන තෙක් බලා සිටින බවත් කෙසේ වෙතත් විදුලිබල මණ්ඩලයේ සභාපති නලින්ද ඉලංගකෝන් මහතා කියා සිටියේ.

ඔහු පවසන පරිදි, සූර්ය මිල ගණන් සලකා බැලීමේදී, විනිමය අනුපාත සහ අනෙකුත් අදාළ මිල ගණන් ද සූත්‍රය අනුව සලකා බලනු ඇත.