29 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsෂාෆ්ටර්ගේ මරණය ගැන ජාතික රෝහලේ 10කගේ DNA පරීක්ෂාවට නියෝග

ෂාෆ්ටර්ගේ මරණය ගැන ජාතික රෝහලේ 10කගේ DNA පරීක්ෂාවට නියෝග

ජනශක්ති සමූහ ව්‍යාපාරයේ අධ්‍යක්ෂවරයෙකු වන දිනේෂ් ෂාෆ්ටර් කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු ඒකකයට ඇතුළත් කරන අවස්ථාවේ එහි සේවය කළ හෙද නිලධාරින් ඇතුළු කාර්ය මණ්ඩලයේ 10 දෙනෙකුගේ DNA වාර්තා කැඳවීමට අධිකරණය තීරණය කර තිබෙනවා.

ඒ, ඊට අදාළ නඩුව කොළඹ අතිරේක මහේස්ත්‍රාත් වී.එන්.එල් ඉලංගසිංහ හමුවේ කැඳවූ අවස්ථාවේ දියි.

අදාළ රෝහල් කාර්යමණ්ඩලයේ 10 දෙනාගේ ඩී.එන්.ඒ වාර්තා කැඳවන ලෙසයි එහිදී මහේස්ත්‍රාත්වරයා රජයේ රස පරීක්ෂකවරයාට නියෝග කළේ.

දිනේෂ් ෂාෆ්ටර්ගේ මරණයට අදාළව රජයේ රස පරීක්ෂකවරයා වෙත යැවූ නඩු භාණ්ඩවල ආගන්තුක ජෛව සාම්පල දෙකක් ඇතුළත් බවට අනාවරණය වීමෙන් ඒවා කාගේ දැයි සැසඳීම සඳහා DNA වාර්තා කැඳවිය යුතු බවයි අධිකරණයට දැනුම දුන්නේ.

මීට පෙර ද ඔහුගේ මරණයට අදාළව ප්‍රවීණ ක්‍රිකට් විචාරක බ්‍රයන් කෝම්ස්ගේ DNA වාර්තා කැඳවීමට ද කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය රස පරීක්ෂකවරයාට නියෝග කර තිබුණා.