18 C
London
Friday, June 2, 2023

නිධන් හොරුන්ගේ අවධානයට ලක් වූ පුරාණ විහාරය

වසර ගණනාවක සිට අවස්ථා ගණනාවක්ම ගලෙන්බිඳුණුවැව, කෝඩාලිපොතාන විහාරමහාදේවි චිත්ත විවෙික සෙනසුන නිධන් හොරුන්ගේ ග්‍රහණයට නතුව ඇති බව විහාරාධිපතිව වැඩවසන දේවහුවේ හේමාලෝක හිමි පවසනවා.

පුරාණ පොකුණු, බුදු පිළිම, පඩිපෙළ, කැසිකිලි, විහාර මහාදේවීගේ පිළිරුවක් යන නිධන් සොරුන්ගේ ග්‍රරාහණයට ලක්වූ ස්ථාන මෙන්ම ගරා වැටී ඇති චෛත්‍ය ඇතුළු ‍ඓතිහාසික වටිනාකමක් ඇති නමුත් බලධාරින්ගේ අවධානයට ලක් නොවූ නිධන් හොරුන්ගේ අවධානය දිනා ගත් ස්ථානයක් බවට මෙම විහාරස්ථානය පත්ව තිබෙනවා.

විහාරාධිපති හිමියන් පවසන්නේ පුරාවිද්‍යාත්මක සාධක දක්නට ලැබුනද මෙම පුණ්‍ය භුමිය මේ දක්වා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අවධානය යොමු කොට පුරා විද්‍යා සංරක්ෂණයක් නොකර ඇති බවත් නිධන් සොරු නිධන් සොයා කළ කැණීම් සිදු කළ සෑම අවස්ථාවකම අදාළ අංශ හා බළධාරින්ට දැනුවත් කර ඇති බවත් මීට පෙර අවස්ථාවලදී නිධන් සොරුන් ගලෙන්බිඳුණුවැව පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන නීති ක්‍රියාමාර්ග ගෙන සොරුන්ට අධිකරණයෙන් දඩුවම් ද පමුණුවා ඇති බවයි.

දැනට දින කිහිපයකට පෙර ද පන්සල් භූමියේ කැලෑබද ප්‍රදේශයක යම් පුද්ගලයකු හෝ පිරිසක් එක්ව නිධන් ගැනීමේ අරමුණින් කැණීමක් කර ඇති අයුරු එහි ගිය අප කැමරා කාචයේ සටහන් වූ අතර මෙම කැණීම සිදු කර ඇති ස්ථානය මීට වසර 20 කට පමණ පෙර නිධන් සොරුන් විසින් හාරා විනාස කර තිබෙන බවයි වාර්තා වන්නේ.

2023 වර්ෂයේ මෙම ස්ථානය පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මගින් පුරාවස්තු ඇති ස්ථානයක් බව අධිකරණයට කරුණු වාර්තා කර ඇති ස්ථානයක් මෙන්ම ඉන් අනතුරුව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව, ගලෙන්බිඳුණුවැව පොලිසිය, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු නිළධාරින් හා ගම්වාසින් විසින් වීදුරු බොතල් කටු දමා වසා දැමූ ස්ථානයක් වීමත්, නැවත එම ස්ථානයම කිසිදු බියක් සැකක් නොමැතිව හාරා තිබීමත් විස්මයට කරුණක් බවත් මෙම විහාරස්ථානයේ දැනට හමුවී ඇති පුරාවිද්‍යාත්මක සාධක පදනම් කරගෙන හා ජනප්‍රවාදයේ පවතින කතාවන්ට අනුව විහාර මහා දේවිය විසින් අතිතයේ පැවති සටන් සඳහා මල්ලවපොර ශූරයන් පුහුණු කළ ස්ථානයක් බවද මෙම ස්ථානය පෙන්නුම් කළ හැකි බව විහාරාධිපති හිමි පවසනවා.

අවස්ථා ගණනාවක් මෙම පුරාණ පුණ්‍ය භූමිය පිළිබඳ බළධාරින්ගේ අවධානයට යොමු කර තිබුනද මේ දක්වා කිසිදු අවධානයක් යොමු නොකිරිම කණගාටුවට කරුණක් ලෙස පෙන්වා දෙන ගම්වාසින් හා ගලෙන්බිඳුණුවැව, කෝඩාලිපොතාන විහාරමහාදේවි චිත්තවිවෙික සෙනසුනේ වර්තමාන විහාරාධිපතිව වැඩ වසන දේවහුවේ හේමාලෝක හිමියන් බළධාරින්ගෙන් ඉල්ලා සිටින්නේ මෙහි ඇති පුරාවිද්‍යාත්මකභාවය හා එමගින් ලංකාවෙහි නව ඉතිහාස වංශකතාවක් වල් වැදීමට නොදී පෞරාණික භාවයට හානි නොවන පරිදි යම් හෝ කැණීම් කටයුත්තක් සිදු කර එහි වටිනාකම තවදුරටත් ආරක්ෂා වෙන පරිදි සංරක්ෂණය කර දෙන ලෙසත් මෙම විහාරස්ථාන භූමියේ ඇති නිධන් වස්තු ආරක්ෂා කිරීම සඳහා සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ හෝ වෙනත් ආරක්ෂක අංශයක නිළධාරින්ගේ ආරක්ෂක කුටියක් ඉදිකර ආරක්ෂාව තහවුරු කර දෙන ලෙසයි.

Latest

කුකුළේගඟ ජලාශයේ වාන් දොරටු 3ක් විවෘත කෙරේ

කුකුළේගඟ ජලාශයේ වාන් දොරටු හතරෙන් තුනක් අද (02) පස්වරුව...

කොස්ගොඩ සුජීගේ ගෝලයෙක් අත්අඩංගුවට

ඩුබායි රාජ්‍යයේ සිට මෙරට මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙයවන 'කොස්ගොඩ සුජී'...

එක්ස්ප්‍රස් පර්ල් නඩුවේ සහයට ජනපති නීතිඥවරුන් දෙදෙනෙක්

එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් සිදුවූ පරිසර හානියට වන්දි ලබා ගැනීම...

හිටපු පොලිස් නිලධාරියෙකුට වසර 04ක සිර දඬුවම්

අන්සතු වාහනයක් නීති විරෝධී ලෙස කොටස් කර සන්තකයේ තබා...

Don't miss

ඇමතිකම් ඉල්ලගෙන පස්සෙන් යන්නේ නැහැ – මහින්දානන්ද

තමා කිසි දිනක අමාත්‍ය ධුර ඉල්ලා නොමැති බවත් තමාගේ...

බදු ගොනුවක් අරඹන්න කිව්වේ බදු අය කරන්න නෙවෙයි – සියඹලාපිටිය

වයස අවුරුදු 18ට වැඩි සියලුදෙනා හට බදු ලිපි ගොනුවක්...

පොහොට්ටු ප්‍රභලයින්ට ඇමතිකම් දෙනවා නම් හොඳයි – මහින්ද

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණින් තරග කර ඒ ඒ දිස්ත්‍රික්කවල...

ආර්ථිකය යළි ප්‍රකෘතිමත් වෙමින් පවතිනවා – මහින්ද රාජපක්ෂ

ආර්ථිකය යළි ප්‍රකෘති තත්ත්වයට පත්වෙමින් පවතින බව හිටපු ජනාධිපති...

ඡන්දයක් අත ළඟ බව ජනපතිගෙන් ඉඟියක්

ළගදීම ඡන්දයක් පැවැත්වෙනු ඇති බවට ජනාධිපතිවරයා ඉගි පළ කළ...

කුකුළේගඟ ජලාශයේ වාන් දොරටු 3ක් විවෘත කෙරේ

කුකුළේගඟ ජලාශයේ වාන් දොරටු හතරෙන් තුනක් අද (02) පස්වරුව වනවිට විවෘත කර තිබේ. මේ හේතුවෙන් කුඩා ගඟ ආශ්‍රිත පහතබිම්වල ජනතාවට අවධානයෙන් පසුවන ලෙසට බලධාරීන් දැනුම්දී...

කොස්ගොඩ සුජීගේ ගෝලයෙක් අත්අඩංගුවට

ඩුබායි රාජ්‍යයේ සිට මෙරට මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙයවන 'කොස්ගොඩ සුජී' නමැත්තාගේ ප්‍රධාන ගෝලයකු අද (02) අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය පවසන්නේ 'ඇන්ටා' යන අන්වර්ථ නාමයෙන් හඳුන්වනු ලබන...

එක්ස්ප්‍රස් පර්ල් නඩුවේ සහයට ජනපති නීතිඥවරුන් දෙදෙනෙක්

එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් සිදුවූ පරිසර හානියට වන්දි ලබා ගැනීම සඳහා සිංගප්පූරුවේ පැවරූ වන්දි නඩුවේ කටයුතුවලට අදාළ නීතිපති දෙපාර්තමේන්තුවට සහාය වීම සඳහා ජනාධිපති නීතිඥවරුන් දෙදෙනෙකු...

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here