31 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsඋත්තර පත්‍ර ඇගයීමට ආචාර්යවරුන්ගේ තීරණයක්

උත්තර පත්‍ර ඇගයීමට ආචාර්යවරුන්ගේ තීරණයක්

විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීම් කටයුතු සඳහා සහභාගී වීමට තීරණය කර තිබේ.

අද (04) පැවති විධායක සභා රැස්වීමේදී එම තීරණය ගත් බවයි එහි සභාපති මහාචාර්ය ශ්‍යාම බන්නැහැක කියා සිටියේ.

උසස් පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීම් කටයුතු වර්ජනය කිරීමට විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ගත් තීරණය හේතුවෙන් මේ වනවිට එම කටයුතු මාස 02කට අධික කාලයක් ප්‍රමාද වූ අතර එම ක්‍රියාමාර්ගය අත්හැර පිළිතුරු පත්‍ර ඇගයීම් කටයුතු සඳහා සහභාගී වීමට තීරණය කළ බවයි මහාචාර්යවරයා එම රැස්වීමේදී පැවසුවේ.