30.6 C
Colombo
Saturday, August 9, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඋදයංගගේ විදෙස් ගමන් තහනම ඉවතට

උදයංගගේ විදෙස් ගමන් තහනම ඉවතට

ශ්‍රී ලංකාවේ රුසියානු හිටපු තානාපති උදයංග වීරතුංගට එරෙහිව පනවා තිබූ විදේශ ගමන් තහනම තාවකාලිකව ඉවත් කර තිබේ.

මිග් යානා මිලදී ගැනීමේ දී සිදුවූවා යැයි කියන ගනුදෙනුව සම්බන්ධයෙන් පවරා ඇති නඩුව ඊයේ (03) කොළඹ කොටුව මහේස්ත්‍රාත්වරයා ඉදිරියේ කැඳවනු ලැබූ අතර එහිදී මහේස්ත්‍රාත්වරයා ආගමන විගමන නිළධාරීන්ට නියෝග කළේ එම විදෙස් ගමන් තහනම තාවකාලිකව ඉවත් කරන ලෙසයි.

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට මිග් යානා මිලදී ගැනීමේදී මුල්‍ය අක්‍රමිකතාවයක් සිදුවී ඇති බවට මාධ්‍යවේදී ඉක්බාල් අතාස් විසින් 2015 දී දූෂණ මර්දන කමිටු ලේකම් කාර්යාලය වෙත කළ පැමිණිල්ල මූලිකවම 2015 මාර්තු 26 වැනිදා මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ නඩුවක් ගොනුකරනු ලැබීය.