28.9 C
Colombo
Saturday, July 19, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsක්‍රමයෙන් බදු බර අඩු කිරීමට පියවර

ක්‍රමයෙන් බදු බර අඩු කිරීමට පියවර

ඉදිරි වසර පහ තුළ පුද්ගලයන් සහ සමාගම් මත පනවා ඇති බදු බර ක්‍රමානුකූලව අඩු කිරීමට පියවර ගන්නා බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පැවසීය.

කරවනැල්ල ප්‍රදේශයේ පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.

ඒ අනුව ඉදිරි වසරවලදී දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 128 සිට සියයට 95 දක්වා ණය අනුපාතය අඩු කිරීමට අපේක්ෂා කෙරෙන බවත් රට තරමක් සමතුලිත ආර්ථික තත්ත්වයකට පැමිණි විට පවතින බදු ක්‍රමානුකූලව අඩු කරන බවත් ඔහු එහිදී අවධාරණය කළේය.