― political ―

ශ්‍රී ලංකාව වල පල්ලට යවනවාද කියා තීරණය ඇත්තේ ජනතාව අතේ – ශෙහාන්

ආර්ථික වශයෙන් පිහිතලයක් මත ඇති අයිස් කන්දක් මෙන් පවතින ශ්‍රී ලංකාව ඉතාමත් සීරුවෙන් කළමනාකරණය කළ යුතුව පවතින බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය මත ශ්‍රී...
HomeNewsධනුෂ්ක ගුණතිලකගේ නීතිඥවරුන් තර්ක කරයි

ධනුෂ්ක ගුණතිලකගේ නීතිඥවරුන් තර්ක කරයි

සිය නඩු විභාගය දිගින් දිගටම ප්‍රමාදවීම හමුවේ නඩු ගාස්තු ගෙවීම නිවු සවුත් වේල්ස් නීති බලධාරීන් විසින් සිදු කළ යුතු බවට ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකගේ නීතීඥවරුන් විසින් තර්ක කර තිබෙනවා.

නඩුව සිඩ්නි නුවර අධිකරණයකදී අද නැවතත් විභාගයට ගත් අවස්ථාවේදීයි විත්තිකාර ධනුෂ්ක ගුණතිලකගේ නීතීඥයන් මෙම තර්කය ඉදිරිපත් කරනු ලැබුවේ. ඊට හේතු වූයේ සිය සේවාදායකයා වෙනුවෙන් ඇප ඉල්ලීමක් ඉදිරිපත් කිරීමට තවත් සති 02ක් බලා සිටීමට සිදුවන බවට ඔවුන් කරුණු දැක්වීමත් සමගයි.

විදේශීය පුරවැසියෙකු වන සිය සේවා දායකයා මේ වනවිට මාස 06 කට ආසන්න කාලයක් ඔස්ට්‍රේලියාවේ නඩු කටයුත්තකට සම්බන්ධවී සිටින බවත් මෙම ප්‍රමාදයන් හමුවේ අති විශාල මුදලක් වැය කිරීමට සිදුවී ඇති බවත් ඔවුන් අවධාරණය කර තිබෙනවා.

ඒ අනුව අදාළ නඩු ගාස්තු නිවු සවුත් වේල්ස් නීති බලධාරීන් විසින් ගෙවිය යුතු බවට වන යෝජනාව මීලග නඩු වාරයේදී ඉදිරිපත් කිරීමටයි ඔවුන් සූදානමින් පසුවන්නේ. නඩුව නැවත ලබන 18 වනදා විභාග කිරීමට නියමිතයි.

පසුගිය වසරේ පැවති පන්දුවාර 20 ලෝක කුසලානයට සහභාගීවීමට පැමිණි අවස්ථාවේදී සිඩ්නි නුවර තරුණියකට ලිංගික අතවර කිරීම සම්බන්ධයෙනුයි ධනුෂ්ක ගුණතිලක ඔස්ට්‍රේලියා ආරක්ෂක අංශය විසින් අත්අඩංගුවට ගෙන ඇප මත මුදා හැර සිටින්නේ.