26.7 C
Colombo
Sunday, April 12, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsනීතිවිරෝධී ලෙස මසුන් ඇල්ලූ 25ක් අත්අඩංගුවට

නීතිවිරෝධී ලෙස මසුන් ඇල්ලූ 25ක් අත්අඩංගුවට

ත්‍රිකුණාමලයේදී නීතිවිරෝධී ධීවර කටයුතුවල නිරත වූ පුද්ගලයින් 25 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සිදුකළ වැටලීමකදී මෙම ධීවරයින් අත්අඩංගුවට ගෙන තිබේ.

ධීවරයින්ට අයත් ඩිංගි යාත්‍රා 5ක් අත්අඩංගුවට ගත් බව ශ්‍රී ලංකා නාවික හමුදාව පවසයි.
අදාළ ධීවරයින් වයස අවුරුදු 18 ත් 57 ත් අතර වයස්වල පසුවන කින්නියා සහ මුතූර් ප්‍රදේශවල පදිංචිකරුවන් බවයි වාර්තා වන්නේ.

අත්අඩංගුවට ගත් ධීවරයින් ඉදිරි නීතිමය කටයුතු සඳහා ත්‍රිකුණාමලය දිස්ත්‍රික් ප්‍රාදේශීය ධීවර දෙපාර්තමේන්තුව වෙත භාරදී ඇති බව ශ්‍රී ලංකා නාවික හමුදාව පවසයි.