27 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsප්‍රගීත් එක්නැලිගොඩ නඩුව කල් යයි

ප්‍රගීත් එක්නැලිගොඩ නඩුව කල් යයි

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් යුද හමුදා බුද්ධි අංශ සාමාජිකයින් නව දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනුකර තිබෙන නඩුවේ විභාගය ජූනි මස 26 වනදා දක්වා කල් තැබීමට කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල නියෝග කළා.

මෙම නඩුව අද දමිත් තොටවත්ත සහ මහේන් වීරමන් යන මහත්වරුන්ගෙන් සමන්විත මහාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබුවා.

එහිදී සභාපති විනිසුරු සංජීව මොරායස් අද (04) දින නිවාඩු ලබා සිටින බැවින් අද දින නඩු විභාගයට සහභාගී නොවන බවයි සාමාජික විනිසුරු දමිත් තොටවත්ත නිවේදනය කළේ.

එම නඩුව අද කැඳවු ලැබූ අවස්ථාවේදී පැමිණිල්ල වෙනුවෙන් නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අධිකරණයේ පෙනී සිටියේ නැහැ. විනිසුරු දමිත් තොටවත්ත සඳහන් කළේ මෙම නඩුව අද පස්වරු 1.30ට කැඳවීමට නියමිතව තිබූ බවයි.

පස්වරු 2.00ට නඩුව කැඳවූ අවස්ථාව වන විටත් පැමිණිල්ල මෙහෙයවන නිලධාරීන් අධිකරණයට පැමිණ නොමැති බවත් විනිසුරුවරයා සටහන් කළා. ඉන් අනතුරුව විත්තියේ නීතිඥවරුන්ගේ එකඟතාවය මත නඩු විභාගය ජුනි මස 26 වනදා දක්වා කල් දැමූ විනිසුරු මඩුල්ල මේ පිළිබඳව පැමිණිල්ලේ නීතිඥවරුන්ට දන්වා යවන ලෙසත් අධිකරණයේ රෙජිස්ට්‍රාර්වරයාට නියෝග කළා.

2010 වසරේ ජනවාරි මස මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ පැහැරගෙන ගොස් ගිරිතලේ යුද හමුදා කඳවුරේ රඳවා තබා අතුරුදන් කිරීම සම්බන්ධයෙන් ගිරිතලේ යුද හමුදා කඳවුරේ හිටපු අණදෙන නිලධාරීන් ෂම්මි කුමාරරත්න ඇතුළු යුද හමුදා බුද්ධි අංශ සාමාජිකයින් නව දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා මෙම නඩුව ගොනු කර තිබෙනවා.