27.8 C
Colombo
Friday, July 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsපුතා කළ නොමනා වැඩේට ගුටි කෑ පොලිස් පියා රෝහලේ

පුතා කළ නොමනා වැඩේට ගුටි කෑ පොලිස් පියා රෝහලේ

ඊයේ (03) තම පුතාගේ පෙම්වතියගේ ඥාතීන්ගෙන් පහරකෑමට ලක් වූ පොලිස් සැරයන් පියෙකු ප්‍රතිකාර සඳහා නාගොඩ රෝහලට ඇතුළත් කර ඇති බව කළුතර උතුර පොලීසිය සඳහන් කළේ ය.

මෙලෙස පහරකෑමට ලක්ව ඇත්තේ පානදුර දකුණ පොලිසියට අනුයුක්තව රාජකාරි කරන පොලිස් සැරයන්වරයෙක් ය.

විවාහකයකු වන සිය පුතා උපකාරක පන්ති ගුරුවරයෙකු ලෙස කටයුතු කරන පුද්ගලයෙක් වන අතර තවත් තරුණියක් සමග ඔහු ප්‍රේම සම්බන්ධයක් පවත්වා ඇත.

ඒ සම්බන්ධව ඇති වූ ආරවුලක දී පොලිස් සැරයන්වරයාගේ නිවසට පැමිණි පිරිසක් මෙම පහරදීම සිදුකර ඇත්තේ.

සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර තවත් හතර දෙනෙකු අත්අඩංගුවට ගැනීමට ඇති බව පොලීසිය පවසයි.