27 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsමිත්තණියට හදි කර එළොව යැවූ මුණුපුරාට මරණ දඬුවම

මිත්තණියට හදි කර එළොව යැවූ මුණුපුරාට මරණ දඬුවම

තම මිත්තනිය දූෂණය කර ගෙල මිරිකා ඝාතනය කරන ලද මුණුබුරෙකුට මරණ දඬුවම නියම වී තිබෙනවා.

සබරගමුව පළාත් බද කෑගල්ල මහධිකරණ විනිසුරු ජයකි ද අල්විස් මහත්මියයි අද මෙම නියෝගය ලබාදුන්නේ.

මෙලෙස මරණ දඩුවම නියම වුයේ කෑගල්ල යට්ටෝගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටි 50 හැවිරිදි පුද්ගලයෙකුටයි. 2011 වසරේ මෙම අපරාධය සිදු වන විට සැකකරු 37 හැවිරිදි වියේ සහ මිත්තනිය අවුරුදු 76 වයස්වල පසු වුණා.

2011 වසරේ අගෝස්තු මස 24 වැනිදා රාත්‍රී මෙම පුද්ගලයා මත්පැන් පානය කර මිත්තනිය පදිංචිව සිටින නිවසට පැමිණ තිබූ බව සඳහන්. එම අවස්ථාවේ සැකකරුගේ මවගේ මව වන මෙම වයෝවෘද්ධ කාන්තාව නින්දට ගොස් තිබූ බවයි හෙළිවී ඇත්තේ.

පසුව විත්තිකාර මුණුපුරා අය දූෂණය කර පලා යාමට උත්සහ දරණ අවස්ථාවේදී සැකකරු කවුද යන්න මෙම කාන්තාව විසින් හඳුනා ගැනීම හේතුවෙන් ඇයගේ ගෙල සිර කර ඝාතනය කර ඇති බවට පොලිස් විමර්ශනවලදී අනාවරණ වී තිබුණා.