19 වන සියවසට අයත් සාගර පත්ලේ සැඟව තිබූ රෝහලක සහ සුසාන භූමියක නටබුන් කිමිඳුන් කණ්ඩායමක් විසින් සොයාගෙන තිබෙනවා.
ඇමරිකාවේ ෆ්ලොරිඩා ප්‍රාන්තයෙන් මෙම සොයා ගැනිම සිදුකළ බව සඳහන් ෆ්ලොරිඩාහි පුරාවිද්‍යාඥයන් විශ්වාසය පළකරන්නේ ඇමරිකානු වෙරළබඩ හමුදා කඳවුරක් පිහිටි ස්ථානයක වසර 1890 – 1900 අතර කාලයේ කහ උණ වැළදුණු රෝගීන් නිරෝධායනය සඳහා අදාළ රෝහල භාවිත කර ඇති බවයි.