32.2 C
Colombo
Sunday, March 22, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsරක්ෂණ මුදල් ගන්න බිරිඳව එළොව යැවූ සැමියා

රක්ෂණ මුදල් ගන්න බිරිඳව එළොව යැවූ සැමියා

තම බිරිඳව ඝාතනය කළ සැමියෙක් පිටිගල පොලිසිය විසින් ඊයේ (03) අත්අඩංගුවට ගෙන තිබේ .

වයස අවුරුදු 24ක් වන මෙම තරුණයා බිරිඳගේ ජීවිත රක්ෂණ මුදල් ලබා ගැනීමේ අරමුණින් තම බිරිඳව ඝාතනය කර ඇති බවයි පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ.

මෙම පුද්ගලයා සිය මිතුරෙකුට රුපියල් ලක්ෂ විස්සක් සහ කුලී රථ සමාගමකින් ජීප් රථයක්ද ලබා දී මිතුරා ලවා මෙම අනතුර සිදු කර ඇත. පසුගිය අප්‍රේල් මස 30 වැනි දින පිටිගල මාපලගම ප්‍රදේශයේ දී මෙම කාන්තාව අනතුරට ලක් කර ඇති අතර ඇය එම ස්ථානයේදීම මිය ගොස් ඇති බවයි පොලීසිය පවසන්නේ.

මෙසේ මිය ගිය කාන්තාව වයස අවුරුදු 40ක් වන අයෙක් වන අතර ඇය සතුව ජීවිත රක්ෂණ 4ක් තිබූ බවයි අත් අඩංගුවට ගත් සැකකරුගෙන් සිදු කළ ප්‍රශ්න කිරීම්වලදී හෙළි වී තිබෙන්නේ.