25.6 C
Colombo
Tuesday, July 22, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsවිමල් වීරවංශට ජීවිත තර්ජන

විමල් වීරවංශට ජීවිත තර්ජන

ශ්‍රී ලංකාවට සම්බන්ධ ‘ඇමරිකා එක්සත් ජනපදයේ කුමන්ත්‍රණයක්’ හෙළි කිරීම හේතුවෙන් තම ජීවිතයට තර්ජනයක් එල්ල විය හැකි බව ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ පවසයි.

රූපවාහිනී සාකච්ඡාවක් අතරතුර අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ කියා සිටියේ තමාගේ මරණය බ්‍රිතාන්‍යයේ දිවංගත ඩයනා කුමරියගේ මරණය හා සමාන හදිසි අනතුරකින් සිදුවිය හැකි බවට ඇති ඉඩකඩ පවතින බවයි.

ඇමරිකාව පදනම් කරගත් සී.අයි.ඒ.යට ඉඟියක් දෙමින් මහමොළකරු මොනම ආකාරයකින් හෝ ඔප්පු නොවන අයුරින් මෙම අනතුර සිදු විය හැකි බවද ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කළේ ඇමරිකාවට එරෙහි තමාගේ ස්ථාවරය සහ ශ්‍රී ලංකාවට සම්බන්ධ ඇමෙරිකාවේ කුමන්ත්‍රණයක් සම්බන්ධයෙන් අලුතින් එළිදැක්වූ ග්‍රන්ථයේ හෙළිදරව් කිරීම් සම්බන්ධයෙන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමිනි.