24.5 C
Colombo
Tuesday, February 10, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsවිශ්‍රාමික පොලිස් නිලධාරියෙකුට අයත් ගණිකා නිවාසයක් වටලයි

විශ්‍රාමික පොලිස් නිලධාරියෙකුට අයත් ගණිකා නිවාසයක් වටලයි

කුරුණෑගල පොලිස් විශේෂ කාර්යංශයට ලද තොරතුරක් අනුව කුරුණෑගල වැල්ලව හංදිය (මුත්තෙට්ටුගල) විශ්‍රාමික පොලිස් නිලධාරියෙකුට අයත් ගණිකා නිවාසයක් කුරුණෑගල මූලස්ථාන පොලිසියේ දූෂණ මර්දන අංශයේ ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් පරීක්ෂාවට ලක් කර වයස අවුරුදු 20 ත් 30 ත් අතර තරුණියන් 06 දෙනෙකු සහ තරුණයන් දෙදෙනෙකු පොලිස් බාරයට ගෙන තිබෙනවා.

ගණිකා නිවාසය පවත්වා ගෙන ගිය විශ්‍රාමික පොලිස් නිලධාරියාද මෙම අවස්ථාවේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලීසිය ගණිකා නිවාසය පරීක්ෂා කරන විට ගංජා, අයිස් සහ මත්කුඩු ඔවුන් සන්තකයේ තිබී සොයා ගෙන තිබෙන අතර අත්අඩංගුවට ගත් නඩු භාණ්ඩ සමඟ අදාළ පුද්ගලයින් අධිකරණයට ඉදිරිපත් කොට නිතිය ක්‍රියාත්මක කරවන බව පොලිස් පරීක්ෂකවරයා පැවසුවා.