― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeNewsහෙට රාත්‍රියේ ඡායා චන්ද්‍රග්‍රහණයක්

හෙට රාත්‍රියේ ඡායා චන්ද්‍රග්‍රහණයක්

වෙසක් පුර පසලොස්වක පොහොය දිනය යෙදී ඇති හෙට (05) රාත්‍රියේ සූර්යයා සහ චන්ද්‍රයා අතරින් පෘථිවිය පිහිටන විට පෘථිවියේ සෙවනැල්ල සඳ මතට පතිත වීම ඇරඹීමත් සමඟ ඡායා චන්ද්‍රග්‍රහණයක් සිදුවන බව කොළඹ විශ්ව විද්‍යාලයේ භෞතික විද්‍යා අධ්‍යයනාංශයේ තාරකා විද්‍යා හා අභ්‍යවකාශ විද්‍යා ඒකකයේ මහාචාර්ය චන්දන ජයරත්න පවසයි.

මෙම චන්ද්‍රග්‍රහණය ලංකාවේ සම්මත වේලාවෙන් හෙට රාත්‍රී 8.44ට චන්ද්‍රයා පෘථිවියේ උප ඡායාවට (අඩ අඳුරු සෙවනැල්ලට) ඇතුළුවීමත් සමගම ග්‍රහණය ආරම්භ වේ.

චන්ද්‍රග්‍රහණය අවසන් වනුයේ 06 වැනිදා අළුයම 1.01 ටයි. උච්චතම ග්‍රහණ අවස්ථාව සිදුවන්නේ 5 වැනිදා රාත්‍රී 10.52 ටයි. මීට වඩා හොඳ චන්ද්‍රග්‍රහණයක්, අර්ධ චන්ද්‍රග්‍රහණයක් ලෙස මේ වසරේ ඔක්තෝම්බර් 28 වැනි දින ශ්‍රී ලංකාවට දිස්වන බවත් ඉන් පසුව ශ්‍රී ලංකාවට පෙනෙන මීළඟ චන්ද්‍රග්‍රහණය ඇතිවනුයේ 2025 සැප්තැම්බර් 7 වැනිදා බවත් මහාචාර්යවරයා අවධාරණය කළේය.