29 C
Colombo
Tuesday, September 30, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsහෙරොයින් ළඟ තබාගත් අයෙක්ට ජීවිතාන්තය දක්වා සිර දඬුවම්

හෙරොයින් ළඟ තබාගත් අයෙක්ට ජීවිතාන්තය දක්වා සිර දඬුවම්

හෙරොයින් ග්‍රෑම් 123ක් සන්තකයේ තබා ගැනීම හා ජාවාරම් කිරීමේ චෝදනාවට වරදකරු කෙරුණු 44 හැවිරිදි දෙදරු පියෙකුට කොළඹ මහාධිකරණය විසින් ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කර තිබෙනවා.

මෙලෙස දඬුවම් නියම වූයේ මහරගම, දහම් මාවතේ පදිංචි පුද්ගලයෙකුටයි. පොලිස් විශේෂ කාර්ය බලකායට ලැබුණු තොරතුරක් මත සිදු කළ වැටලීමකදී හෙරොයින් ග්‍රෑම් 123 ක් සමග මෙම විත්තිකරු 2013 වසරේ ජුනි මස 18 වනදා මහරගම ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබුණා.

ඔහුගේ ත්‍රිරෝද රථයේ රහස් කුටියක් තුළ තිබී ඉලෙක්ට්‍රොනික තරාදියක් සහ ජීව උණ්ඩ දෙකක් ද සොයාගෙන තිබූ බවත් නඩු විභාගයේදී අනාවරණය වී තිබෙනවා. දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව තීන්දුව ප්‍රකාශයට පත් කළ කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා සඳහන් කළේ විත්තිකරුට එරෙහිව පැමිණිල්ල විසින් එල්ල කර තිබූ චෝදනා සාධාරණ සැකයකින් තොරව ඔප්පු වී තිබෙන බවයි.

ඒ අනුව ඔහුට ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කරන බවත් විනිසුරුවරයා ප්‍රකාශ කර සිටියා.