18 C
London
Friday, June 2, 2023

ඖෂධ ජාවාරමක් පිළිබද හෙලිදරව්ව – දේශපාලඥයෝ රාජ්‍ය නිලධාරීන්  ඖෂධ මාෆියාවක් නිර්මාණය කරලා

සෞඛ්‍ය අමාත්‍යාංශය ඖෂධ මිලට ගැනීමේදී ඉතා වංචා සහගතව කටයුතු කර ඇති බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා පවසයි.

පෙරටුගාමී සමාජවාදී පක්ෂ ප්‍රධාන කාර්යාලයේ ඊයේ 5 දින පැවති මාධ්‍ය හමුවකදී පුබුදු ජයගොඩ මහතා මේ බව පැවසීය.

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ

 වෛද්‍යවරුන් හෙද හෙදියන් සහ තාක්ෂණ ශිල්පීන් රට හැර යාම නිසා රෝහල් පද්ධතිය බිඳ වැටීමේ අවදානමකට ලක් වෙලා තියෙනවා.

 ගිය සතිය වෙද්දී අපිට වාර්තා වුණා අනුරාධපුර මහ රෝහලේ ළමා වාට්ටු වසා දමන්න සිද්ධ වෙනවා කියලා. ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරු හතර දෙනෙක් හිටියා ඔවුන් හතර දෙනා රට හැර යාම නිසා.

 ඊට දින කීපයකට පස්සෙ වාර්තා වුණා ඇඹිලිපිටිය රෝහලේ අක්ෂි ශල්‍ය ඒකකය ඇතුළු  ඒකක කිහිපයක් වසා දමන්න වෙනවා කියලා  විශේෂඥ වෛද්‍යවරු රට හැර යාම නිසා.

 පෙරේද වෙනකොට වාර්තා වෙලා තිබුණු හම්බන්තොට මහ රෝහලේ තව සතියක් දෙකක් ඇතුලත  සායන කටයුතු නවත්වන්න සිද්ධ වෙනවා කියලා සායන සඳහා ඉන්න විශේෂඥ වෛද්‍යවරු රට හැර යන්න ගත්තු තීරණයත් එක්ක.

මේ අපි දන්න ටික විතරයි. රට පුරාම වෛද්‍ය වෘත්තිකයන් රට හැර යාම විසින් ඉතාම බරපතළ අර්බුදයක් උද්ගත වෙමින් තියෙනවා.

මහරගම පිළිකා රෝහලේ ඖෂධ හිඟය සම්බන්ධ ප්‍රශ්නය ඉතාම බරපතළ තැනකට ඇවිල්ලා තියෙනවා. මෙහෙම තියෙද්දී සෞඛ්‍ය අමාත්‍යාංශය සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල සෞඛ්‍ය අමාත්‍යාංශය නිලධාරිනුත්  පිස්සු නටන එක කරමින් ඉන්නෙ.

 මිනිස්සු මැරෙද්දි ඒ මැරෙන මිනිසුන් ගෙන් සල්ලි කීයක් හරි හොයාගන්නේ කොහොමද ගසා කන්නේ කොහොමද කියලා තමයි මේ අය උත්සාහ කරමින් ඉන්නේ.

 දේශපාලඥයෝ රාජ්‍ය නිලධාරීන්  ඖෂධ මාෆියාවක් නිර්මාණය කරලා තියෙන ඖෂධ සමාගම් මේ ඔක්කොම එකතු වෙලා අවසානයේදී ලංකාවේ ජනතාව මරණය කරා ගෙනියමින් තියෙනවා.

මේ සඳහා උදාහරණ ගණනාවක් තියෙනවා. අක්ෂි රෝගීන් සඳහා පාවිච්චි කරන ඇස් වලට දාන බෙහෙතක් ඒක ලංකාවට ගෙන්නුවා ඉන්දියානු සමාගමකින් ගුජරාට් ප්‍රාන්තයේ ලිපිනයක් සහිත සමාගම ක්‌ ඒ සමාගම ගෙන්නපු ඇස් වලට දාන බෙහෙත් සියල්ල දෝෂ සහිතයි ඒවා විසින්  විශාල අසාත්මිකතා සහ ප්‍රශ්න ඇවිල්ල තියෙනව. එක රෝගියෙක් සම්පූර්ණයෙන් අන්ධ බවට පත්වෙලා තියෙනවා. මේ බෙහෙත දැම්මට පස්සේ ඇස් දෙකම අන්ධ වෙලා තියනවා.

 වහාම මේ බෙහෙත රෝහල්වලින් ඉවත් කරන්න කියලා අ ක්ෂි වෛද්‍යවරුන්ගේ සංගමය රෝහල්වලට දැනුම් දීලා මේ ලිපිය යවලා තියෙනවා.

 රෝහල්වලට ගනිද්දී මේවා පිළිබඳ පරීක්ෂණ කළේ නැද්ද.

 මේ ලිපිය පස් වැනි මාසෙ දෙවැනි දා දිනැතිව නිකුත් කරලා තියෙන්නේ. මැයි මාසේ දෙවැනි දා දි නැතිව නිකුත් කරලා තියෙන්නේ.

 මේ රෝගීන්ට සංකූලතා ඇති වෙන්න පටන් ගත්තෙ අප්‍රේල් මාසයේ මුල ඉදලා මාසෙකට පස්සේ තමයි රෝහල්වලින් ඖෂධය අයින් කරන්නේ. මගේ ළඟ තියෙනවා රජයේ රසායනාගාරය විසින් නිකුත් කරපු වාර්තාව

 මේ ඇස් වලට දාන බෙහෙත් කුප්පි වල  විවිධ ආකාරයේ විෂබීජ අඩංගු වේ කියලා තහවුරු කරපු පරීක්ෂණ මේකෙ දි නේ තියෙන්නෙ අප්‍රියෙල් මාසේ 10 වැනිදා.

 අප්‍රියෙල් මාසේ 10 වැනිදා රසායනාගාර පරීක්ෂණවලින් තහවුරු වෙලා තියෙනවා මේක දාන මිනිස්සුන්ගෙ ඇස් වලට හානි වෙනවා කියලා. නමුත් මැයි මාසේ දෙවැනි දා  වෙනකල් මේගොල්ලෝ  මේකට මැදිහත් වීමක් කරලා නෑ.

මගේ අතේ තියනවා සෙ ෆියෝ  රොක්සින්     කියන එන්නත ආනයනය කිරීම සඳහා  ටෙන්ඩර් කැඳවීම කරපු ඒ වාර්තාව.

 මේ වාර්තාවට අනුව  කුප්පි ලක්ෂ 25ක් ගැනීම සඳහා තමයි ටෙන්ඩරය ප්‍රදානය කරලා තියෙන්නේ. ටෙන්ඩර් කැඳවීම කරලා තියෙනවා  2022 නොවැම්බර් මාසේ මේකට අදාළ ටෙන්ඩර් කැඳවීම කරලා තියෙනවා.

 මේ බෙහෙත රජයේ රෝහල් වල ප්‍රතිජීවක එන්නතක් ලෙස බහුල වශයෙන් පාවිච්චි වෙන එකක්. සාමාන්‍යයෙන් රජයේ රෝහල්වලට මාසෙකට මේ ජාතියෙ කුප්පි එක්ලක්ෂ හැටදාහක් අවශ්‍යයි. අවුරුද්දක විතර ප්‍රමාණය තමයි මේ ගෙනල්ලා තියෙන්නේ.

 මේ ප්‍රතිජීවක දෙද්දී  ගුණාත්මක භාවය ප්‍රමිතිය ඉහළ තියෙන්න ඕනා. ප්‍රතිජීවක ප්‍රතිරෝධයක් හැදුනොත් එහෙම ඒ රෝගියා මිය යන්න පවා ඉඩ තියෙනවා.

 මේ ඖෂධ මිලට ගැනීමේ කටයුත්තේ දී ප්‍රශ්න ගණනාවක් තියෙනවා.

 මේ තියෙන වාර්තාවට අනුව සමාගම් හයක් මිල ගණන් ඉදිරිපත් කරලා තියෙනවා. සමාගම් 5ක විස්තර මේකේ සඳහන් කරලා තියෙනවා.

 අඩුම මිල ඉදිරිපත් කරලා තියෙන්නේ සුවිස් පෙරන්ට්‍රස්          කි යන සමාගම 

 ඔවුන් මේ එක කුප්පියක් සඳහා ඩොලර් සත දහනමයක් ඉදිරිපත් කරලා තියනවා.

 ඊළඟට ඉදිරිපත් කරලා තියෙන්නේ ක්ලින්ටස්   කි යලා සමාගමක් ඔවුන් ඩොලර් සත විසි හතරකට  මේ කුප්පියක් දෙන්නං කියලා තියෙනවා. කැඩිලා ෆාමසුටිකල්      කියන ආයතනය ඔවුන් ඩොලර් සත තිස් හයකට දෙන්නං කියලා තියෙනවා. කර්ණාටක   ඇන්ටි බයෝටික්    කියන ඉන්දියානු සමාගම ඩොලර් සත 36  මාරකට මේ කුප්පිය දෙන්නං කියලා තියෙනවා.

 යුරේකා  ලයිෆ් සයන්ස් සිංගප්පූරු  කියලා සමාගමක්  ඩොලර් සත අසූ පහකට  මේ ඖෂධය දෙන්නම්කි යලා ටෙන්ඩරයක් ඉදිරිපත් කරලා තියනවා.

 මේ ලේඛනය විදිහට ඩොලර් සත 19 ක ට ඖෂධය දෙන්නං කියන සමාගම අතඇරල ඩොලර් සත 85 ට එන්නත් කුප්පි ලක්ෂ 25ක්  මිලට ගැනීම සඳහා අනුමැතිය ලබා දෙන්න යනවා. ඒ සඳහා වන සියලු ලේඛන මේ වන විට සම්පූර්ණ කරල තියෙනවා.

 අඩුම මිල ඉදිරිපත් කරලා තියෙන සමාගම  ඇමරිකා එක්සත් ජනපද ඩොලර් හාරලක්ෂ හැත්තෑ පන්දහස් පන්සීයක් වියදම් වෙනවා ඒ ටික ගන්න.

 සිංගප්පූරු සමාගම  ඔවුන් ඉදිරිපත් කරපු ආකාරයට  ගන්න ගියාට පස්සේ  ඇමරිකා එක්සත් ජනපද ඩොලර් විසි එක් ලක්ෂ විසි පන්දහසක් වියදම් වෙනවා මේ ටික ගන්න.

 මේ දෙක අතර වෙනස ඇමරිකන් ඩොලර් දහසය  ලක්ෂ හතළිස් නවදහස් පන්සියයක්‌.

 ලංකාවේ තියෙන විදේශ විනිමය ඩොලර් මිලියන එකහමාරක් විතර රටෙන් එළියට වැඩිපුර ඇදිලා යනවා. මේ පිටුපස තියෙන වංචාව ඉතාම පැහැදිලියි.

 ණයවර ලිපිය විවෘත කරන්නේ ඖෂධ නිෂ්පාදන සමාගමට ටෙන්ඩර් කැඳවීම කදී ලන්සු කරුවා වෙන්නේ ඖෂධ නිෂ්පාදන සමාගම.

 සිංගප්පූරු නම සහිත සමාගමට ඒගොල්ලො ඖෂධ නිෂ්පාදනය කරන සමාගමක් නෙමෙයි.

 ඔවුන් ඇත්තටම කරන්නේ ඉන්දියානු සමාගමකින් ඖෂධ මිලට අරගෙන තමයි ලංකාවට විකුනන්නෙ.

 ඇයි ඔවුන් ඉන්දියානු නිෂ්පාදන සමාගම ලංසු කරුවා විදිහට ඉදිරිපත් කරන්නේ නැත්තේ

අපි සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයාට අනතුරු අඟවනවා  ඔබ කැබිනට් පත්‍රිකා හදන්නේ  දේශපාලනඥයො කවුරු හරි බල කරපු නිසා නම් අනුන්ගේ පදයට නටලා අමාරුවේ වැටෙන්න එපා කියලා කියනවා කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කිරීමට එරෙහිව නෛතික ක්‍රියාමාර්ග අපට ගන්න සිද්ධ වෙන්නෙ ඔබතුමාට එරෙහිව.

 මහාචාර්ය සේනක බිබිලේ ල දොස්තර එස් ඒ වික්‍රමසිංහලා එක්දහස් නවසිය හැත්තෑ ගණන් වල ඖෂධ ප්‍රතිපත්ති හදාගෙන උත්සාහ කළේ ඖෂධ මාෆියාවෙන් රෝගීන්ව බේරගන්න.

 මහාචාර්ය සේනක බිබිලේ  ඝානාවේ දී අභිරහස් විදිහට මිය ගියා. ඔහුව මරා දැමුවා කියලා සැක තියෙනවා ඖෂධ ජාවාරම්කරුවෝ. ඖෂධ ප්‍රතිපත්තිය.

 සෞඛ්‍ය අමාත්‍යාංශය කොල්ලෙක නිරත වෙමින් ඉන්නවා.

 මේකට එරෙහිව රෝගී අයිතිවාසිකම් සංගම්වලින් සෞඛ්‍ය සේවක වෘත්තීය සමිති වලින්  රටේ පොදු මහ ජනතාවගේ රෝගීන්    ගෙන් අපි සියලු දෙනාගෙන් ඉල්ලනවා මේ අයුක්තිය ඉස්සරහ නිහඬව බලාගෙන ඉන්න එපා මේකට විරුද්ධව නැගිටින්න .

Latest

කුකුළේගඟ ජලාශයේ වාන් දොරටු 3ක් විවෘත කෙරේ

කුකුළේගඟ ජලාශයේ වාන් දොරටු හතරෙන් තුනක් අද (02) පස්වරුව...

කොස්ගොඩ සුජීගේ ගෝලයෙක් අත්අඩංගුවට

ඩුබායි රාජ්‍යයේ සිට මෙරට මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙයවන 'කොස්ගොඩ සුජී'...

එක්ස්ප්‍රස් පර්ල් නඩුවේ සහයට ජනපති නීතිඥවරුන් දෙදෙනෙක්

එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් සිදුවූ පරිසර හානියට වන්දි ලබා ගැනීම...

හිටපු පොලිස් නිලධාරියෙකුට වසර 04ක සිර දඬුවම්

අන්සතු වාහනයක් නීති විරෝධී ලෙස කොටස් කර සන්තකයේ තබා...

Don't miss

ඇමතිකම් ඉල්ලගෙන පස්සෙන් යන්නේ නැහැ – මහින්දානන්ද

තමා කිසි දිනක අමාත්‍ය ධුර ඉල්ලා නොමැති බවත් තමාගේ...

බදු ගොනුවක් අරඹන්න කිව්වේ බදු අය කරන්න නෙවෙයි – සියඹලාපිටිය

වයස අවුරුදු 18ට වැඩි සියලුදෙනා හට බදු ලිපි ගොනුවක්...

පොහොට්ටු ප්‍රභලයින්ට ඇමතිකම් දෙනවා නම් හොඳයි – මහින්ද

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණින් තරග කර ඒ ඒ දිස්ත්‍රික්කවල...

ආර්ථිකය යළි ප්‍රකෘතිමත් වෙමින් පවතිනවා – මහින්ද රාජපක්ෂ

ආර්ථිකය යළි ප්‍රකෘති තත්ත්වයට පත්වෙමින් පවතින බව හිටපු ජනාධිපති...

ඡන්දයක් අත ළඟ බව ජනපතිගෙන් ඉඟියක්

ළගදීම ඡන්දයක් පැවැත්වෙනු ඇති බවට ජනාධිපතිවරයා ඉගි පළ කළ...

කුකුළේගඟ ජලාශයේ වාන් දොරටු 3ක් විවෘත කෙරේ

කුකුළේගඟ ජලාශයේ වාන් දොරටු හතරෙන් තුනක් අද (02) පස්වරුව වනවිට විවෘත කර තිබේ. මේ හේතුවෙන් කුඩා ගඟ ආශ්‍රිත පහතබිම්වල ජනතාවට අවධානයෙන් පසුවන ලෙසට බලධාරීන් දැනුම්දී...

කොස්ගොඩ සුජීගේ ගෝලයෙක් අත්අඩංගුවට

ඩුබායි රාජ්‍යයේ සිට මෙරට මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙයවන 'කොස්ගොඩ සුජී' නමැත්තාගේ ප්‍රධාන ගෝලයකු අද (02) අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය පවසන්නේ 'ඇන්ටා' යන අන්වර්ථ නාමයෙන් හඳුන්වනු ලබන...

එක්ස්ප්‍රස් පර්ල් නඩුවේ සහයට ජනපති නීතිඥවරුන් දෙදෙනෙක්

එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් සිදුවූ පරිසර හානියට වන්දි ලබා ගැනීම සඳහා සිංගප්පූරුවේ පැවරූ වන්දි නඩුවේ කටයුතුවලට අදාළ නීතිපති දෙපාර්තමේන්තුවට සහාය වීම සඳහා ජනාධිපති නීතිඥවරුන් දෙදෙනෙකු...

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here