25 C
Colombo
Wednesday, May 13, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNews23ක් රෝහලට යැවූ කජුගම බස් රථ අනතුර

23ක් රෝහලට යැවූ කජුගම බස් රථ අනතුර

මහනුවර – කොළඹ ප්‍රධාන මාර්ගයේ කජුගම ප්‍රදේශයේදී බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා.

පැවති වර්ෂා සහිත කාලගුණයත් සමඟ අද (05) උදෑසන 07:00ට පමණ මෙම අනතුර සිදුව ඇති බවයි වාර්තා වුණේ.

ලංගම බස් රථයක් සහ පෞද්ගලික බස් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබෙනවා. අනතුරින් තුවාල ලැබූ 23දෙනෙකු රෝහල්ගතකර ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

ඒ අතර ලංගම බස් රථයේ රියදුරු ද සිටින බවයි වාර්තා වන්නේ. පෞද්ගලික බස් රථය අපරික්ෂාකාරී ලෙස ඉස්සර කිරීමට යාමේ දී ඉදිරියෙන් පැමිණි ලංගම බස් රථයේ ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි පොලිසිය සඳහන් කළේ.