28.4 C
Colombo
Friday, July 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsෂාෆ්ටර් ඇතුළු 20කගේ ෆෝන්, ලැප්ටොප් රජයේ රස පරීක්ෂක වෙත

ෂාෆ්ටර් ඇතුළු 20කගේ ෆෝන්, ලැප්ටොප් රජයේ රස පරීක්ෂක වෙත

ජනශක්ති සමූහ ව්‍යාපාරයේ අධ්‍යක්ෂ දිනේශ් ෂාෆ්ටර්, ඔහුගේ ව්‍යාපාරික මිතුරු බ්‍රයන් තෝමස් හා ෂාෆ්ටර්ගේ සමීපතම ඥාතීන් භාවිත කළ ජංගම දුරකථන හා ලැප්ටොප් යන්ත්‍ර 20ක් රජයේ රස පරික්ෂකවරයා වෙත යොමු කර වාර්තාවක් කැඳවීමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් ඊයේ (04) රජයේ රස පරික්ෂකවරයා වෙත නියෝග කළේය.

සිද්ධියට අදාළව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ (04) මෝසමක් ගොනු කරමින් තාක්ෂණික වාර්තා හා විමර්ශනයේ දී අනාවරණය වූ මරණ පරික්ෂණ සාක්කි අධිකරණය හමුවේ ගොනු කරන බව සඳහන් කළේය.

මීට අමතරව ෂාෆ්ටර් භාවිත කළ ලැප්ටොප් යන්ත්‍රය ජංගම දුරකථනය ඔහුගේ ව්‍යාපාරික මිතුරු බ්‍රයන් තොමස් භාවිත කළ ලැප්ටොප් යන්ත්‍රය ජංගම දුරකථනය හා ෂාෆ්ටර්ගේ සමීපතයන් භාවිත කළ ජංගම දුරකථන හා ලැප්ටොප් යන්ත්‍ර 20ක් අධිකරණයට ඉදිරිපත් කරමින් ඒවායේ තාක්ෂණික වාර්තා සිය දෙපාර්තමේන්තුවෙන් කැඳවා ඇති බවත් එම වාර්තා හා රජයේ රස පරික්ෂක වාර්තා සැසඳෙන්නේ ද යන්න විමසීම සඳහා අදාළ නඩු භාණ්‍ඩ රජයේ රස පරික්ෂවරයා වෙත යොමු කරන ලෙසට අධිකරණයෙන් ඉල්ලීමක් කළේය.

අදාළ ඉල්ලීම සලකා බැලූ මහෙස්ත්‍රාත්වරයා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් අධිකරණයට ඉදිරිපත් කළ නඩු භාණ්ඩ රජයේ රස පරික්ෂකවරයා වෙත ඉදිරිපත් කිරීමට අධිකරණ නි‍යෝග නිකුත් කළේය.