― political ―

තාරුණ්‍යයට අවශ්‍ය රැකියා රට තුළම නිර්මාණය කරනවා – ජනපති

මෙරට තරුණ තරුණියන් රැකියා සොයා විදේශගත වීම වෙනුවට එම තරුණ තරුණියන්ට අවශ්‍ය රැකියා රට තුළ නිර්මාණය කිරීමේ ආර්ථික පරිවර්තනය වෙනුවෙන් ඉදිරි වසර 10 තුළ...
HomeHot News2009 දී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට වෙඩි තැබූ ත්‍රස්තවාදියෙකු පොලිස් වෙඩි පහරින්...

2009 දී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට වෙඩි තැබූ ත්‍රස්තවාදියෙකු පොලිස් වෙඩි පහරින් ජීවිතක්ෂයට

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට 2009 වසරේ පාකිස්තානයේ දී එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් අවශ්‍යව සිටි ත්‍රස්තවාදියෙකු මියගොස් ඇති බව වාර්තා වනවා.

පාකිස්ථානයේ ඩේරා ඉස්මයිල් ඛාන් හිදී පොලිස් වෙඩි ප්‍රහාරයකින් මෙම ත්‍රස්තවාදියා ජීවිතක්ෂයට පත්ව ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

බාලි ඛයාරා නැමැති මෙම ත්‍රස්තවාදියා අල්කයිඩා සංවිධානයේ සහ ටෙහ්රීක් ඊ තලේබාන් සංවිධානයේ සාමාජිකයෙක් බවයි අනවරණය වී ඇත්තේ.

මෙම ත්‍රස්තවාදියා අල්ලාදෙනු ලබන පුද්ගලයෙකුට පාකිස්ථාන මුදලින් මිලියන 10.5ක මුදල් ත්‍යාගයක් ලබාදෙන බවට එරට ආරක්ෂක අංශ මීට පෙර නිවේදනය කර තිබුණා.

මෙම ත්‍රස්තවාදියා ෂියා මුස්ලිම්වරුන් පැහැරගෙන යාමේ සිද්ධීන් 21ක් සහ අපරාධ රැසකට චෝදනා එල්ලව තිබූ අතර, මොහු තවත් නඩු පහකට මුල්තාන් පොලිසියට අවශ්‍යව සිටි අයෙක්.