11.3 C
London
Tuesday, May 30, 2023

චාල්ස් රජුගේ රාජාභිෂේකය අදයි

බ්‍රිතාන්‍යයේ චාල්ස් රජු අද (06) දිනයේ තුන්වන චාල්ස් රජු ලෙස අභිෂේක ගැන්වීමට නියමිතව තිබෙනවා.

බ්‍රිතාන්‍ය නව රජුගේ රාජාභිෂේක උත්සවය ලන්ඩනයේ වෙස්ට්මිනිස්ටර් ඇබේ දෙව් මැඳුරේදී පැවැත්වෙන අතර මෙහිදී කැමිලා කුමරියද රජ මෙහෙසිය ලෙස අද දිනයේ ඔටුණු පැළඳීමට නියමිතයි.

එමෙන්ම ලන්ඩනයේ වෙස්ට්මිනිස්ටර් ඇබේ දෙව් මැඳුරේ දී කිරුළු පළදින 40 වැනි අධිරාජ්‍යයා ලෙස චාල්ස් රජු ඉතිහාසයට එක්වනවා.

මේ අතර මේරි රැජිණගේ ඔටුන්න චාල්ස් රජුගේ ඔටුණු පැළඳීම සඳහා භාවිතයට ගැනීමට බකිංහැම් මාලිගය තීරණය කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. මෙම ඔටුන්නට දෙවන එළිසබෙත් රැජිණගේ ආභරණවල දියමන්ති ද එක්කර යාවත්කාලින කිරීම් සිදුකර ඇති බවයි වාර්තා වන්නේ.

වසර 70 කට පසු සිදුකරන පළමු රාජාභිෂේකය ද මෙය වන අතර චාල්ස් රජුගේ මෙම රාජාභිෂේකයට ලොව පුරා සිටින ආරාධිතයිත් රැසක් ඇරයුම් ලබා ඇති අතර ඒ අතර පොදුරාජ්‍ය මණ්ඩලයීය රටවල රාජ්‍ය නායකයින් විශේෂයි.

පැය දෙකකට ආසන්න කාලයක් පවතින රාජාභිෂේක උත්සවය වෙනුවෙන් අමුත්තන් 2,300ක් එක්වීමට නියමිත බව BBC පුවත් සේවය වාර්තා කළා. රජ පවුල වෙනුවෙන් සියලුම සාමාජිකයින් මෙම උත්සවය සඳහා සහභාගීවන බවට තොරතුරු වාර්තා වන අතර හැරී කුමරුගේ බිරිඳ වන මේගන් මාකල් කුමරිය පමණක් මෙම අවස්ථාවට එක්‌ නොවන බවයි වාර්තා වන්නේ.

මේ අතර රාජාභිෂේක උත්සවය වෙනුවෙන් බ්‍රිතාන්‍යයේ ලන්ඩන් නුවර ආරක්ෂාව ද තරකර ඇති අතර රාජාභිෂේක උත්සවයේ ආරක්ෂාවට ආරක්ෂක අංශ සාමාජිකයින් 11,500ක් යොදවා ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් තොරතුරු වාර්තා කළේ.

එරට කාලගුණ අංශ නිකුත් කර ඇති වර්ෂාව පිළිබඳ අනාවැකි නොතකා, බ්‍රිතාන්‍ය නව රජු දේවස්ථානය වෙත ගමන් ගන්නා පෙරහැර මාර්ගයට දැනටමත් සෙනඟ එක්රැස් වීමට පටන් ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

Latest

චීනයේ විදේශ කටයුතු උප ඇමති මෙරටට

චීනයේ විදේශ කටයුතු උප අමාත්‍ය සන් වෙයිඩොංග් ප්‍රමුඛ චීන...

මහින්ද රාජපක්ෂ තමයි මගේ දේශපාලන ගුරුවරයා – ගීතා

තමා ජීවත් වනතුරු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ රැකගැනීමට ඇප...

විදේශ ගමන් බලපත්‍රය දින 03න් නිවසටම

විදේශ ගමන් බලපත්‍රය අන්තර්ජාලය ඔස්සේ අයඳුම් කිරීමේ ක්‍රමවේදයක් ඉදිරියේදී...

ශ්‍රී ලංකාව – මැලේසියාව සමග තිබූ ගිවිසුමක් දීර්ඝ කෙරේ

ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික පර්යේෂණ ප්‍රතිපත්ති සභාව සහ මැලේසියාවේ කෘෂිකාර්මික...

Don't miss

මහින්ද රාජපක්ෂ තමයි මගේ දේශපාලන ගුරුවරයා – ගීතා

තමා ජීවත් වනතුරු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ රැකගැනීමට ඇප...

සිසුසැරිය සම්පූර්ණ වියදම රජයට දරන්න අමාරුයි – බන්දුල

සිසුසැරිය පාසල් බස් සේවාව සඳහා යම් අයකිරීමක් සිදුකිරීමට සිදුවන...

“ජනතාවට සේවය කිරීමට ඇමැතිකම් ඕනේ නැහැ”

ජනතාවට සේවය කිරීමට ඇමැතිකම් අවශ්‍ය නැති බවත් තම අමාත්‍ය...

මං ඉල්ලා අස්වෙන්නේ නැහැ – අලි සබ්රි

තමන් කිසිසේත්ම මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීමට සූදානම් නැති බව...

තොණ්ඩමන්ගේ ගුණ සමරමින් විශේෂ සමරු මුද්දරයක්

හිටපු අමාත්‍යවරයෙකු මෙන්ම ලංකා කම්කරු කොංග්‍රසයේ හිටපු නායක සහ...

හිටපු ජනපතිවරයෙක්ට වසර 14ක සිර දඬුවම්

එල් සැල්වදෝරයේ හිටපු ජනාධිපති මෞරීසියෝ ෆූනේස්ට වසර 14ක සිර දඬුවම් නියම කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඔහුට එල්ල වී තිබූ අපරාධ කණ්ඩායම් සමග...

එක්සත් ජාතීන්ගේ සම්බාධක නොතැකූ උ. කොරියානු ජනපති

උතුරු කොරියාව දිගින් දිගටම මිසයිල අත්හදා බැලීම් සහ න්‍යෂ්ටික අවි අත්හදා බැලීම් හේතුවෙන් කොරියානු අර්ධද්වීපයේ අර්බුදයක් හටගෙන තිබේ. උතුරු කොරියාව පසුගිය වසරේ පමණක් මිසයිල අත්හදා...

තුර්කියේ ජනපති පුටුව නැවතත් තායිප් එර්ඩෝගන්ට

රිසෙප් තායිප් එර්ඩෝගන් තවත් වසර පහකට තුර්කියේ ජනාධිපවතිවයා ලෙස පත් වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ජනාධිපතිවරයෙකු හා අගමැතිවරයෙකු ලෙස වසර විස්සක කාලයක් තුර්කියේ...

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here