28.4 C
Colombo
Friday, July 11, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalබදුල්ලේ තිබ්බේ සජබෙ රැළිය නෙවෙයි – වඩිවෙල් සුරේෂ්

බදුල්ලේ තිබ්බේ සජබෙ රැළිය නෙවෙයි – වඩිවෙල් සුරේෂ්

පසුගියදා බදුල්ල නගරයේ පැවති මැයි දින රැළිය සමගි බලවේගයේ රැළියක් නොවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවෙල් සුරේෂ් පැවසීය.

හෙතෙම සඳහන් කළේ මැයි දින රැළිය සමස්ත ලංකා වතු කම්කරු සංගමයේ රැළිය බවයි.

පසුගිය මාස කිහිපයේ සමගි ජන බලවේගයේ මන්ත්‍රී වඩිවේල් සුරේෂ් හා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අතර මත ගැටුමක් ඇති වූ අතර දෙදෙනා අතර දුරස්ථභාවය වැඩි වෙමින් පැවතිණි.

මේ අතර පක්ෂ නායක සජිත්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගත යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ.එච්.එම් ෆවුසි මීට සති දෙකකට පෙර ප්‍රකාශ කර තිබූ අතර ඒ අනුව පක්ෂය තුළ ඇති වූ මතභේද තවත් වැඩිවෙමින් පවතී.

2019 වසරේ දින 52 ආණ්ඩු පෙරළියේදී වඩිවේල් සුරේෂ් ශ්‍රීලනිපය හැර ගොස් මහින්දගේ ප්‍රමුඛ පොදුජන පෙරමුණට ගොස් ඇමතිකමක් ලබා නැවතත් මහින්ද හැරදා රනිල් සමඟ එක්වී පසුව සමගි ජන බලවේගයට එක්විය.