32 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsඅයහපත් කාලගුණයෙන් 9,000කට වැඩි පිරිසක් අවතැන්

අයහපත් කාලගුණයෙන් 9,000කට වැඩි පිරිසක් අවතැන්

දිවයිනේ පවතින අයහපත් කාලගුණය හේතුවෙන් දිස්ත්‍රික්ක 11 ක පුද්ගලයින් 9000කට වැඩි පිරිසක් පීඩාවට පත්ව සිටිති.

ඒ අනුව ගංවතුර, නායයෑම් සහ තද සුළං වැනි ආපදාවලින් පවුල් 2,249කට අයත් පුද්ගලයන් 9,276 දෙනෙකු පීඩාවට පත්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පෙන්වා දෙයි.

කොළඹ, ගම්පහ, කළුතර, බදුල්ල, ත්‍රිකුණාමලය, රත්නපුර, කෑගල්ල, යාපනය, මුලතිව්, පුත්තලම සහ කුරුණෑගල වැනි දිස්ත්‍රික්කවලට අයහපත් කාලගුණික තත්ත්වයෙන් වැඩිම බලපෑමක් එල්ල වී තිබේ.

ආපදා තත්ත්වය හේතුවෙන් එම ප්‍රදේශවල නිවාස 03කට පූර්ණ හානි සිදුව ඇති අතර නිවාස 82කට අර්ධ හානි සිදුව තිබේ.

පවුල් 71කට අයත් පුද්ගලයන් 242ක් ඔවුන්ගේ උපන් ස්ථානවලින් ඉවත් කර ආරක්ෂිත ස්ථානවල නවාතැන් ගෙන ඇත.