27.8 C
Colombo
Friday, September 12, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඉරානයෙන් ශ්‍රී ලංකාවට පිළිකා ඖෂධ තොගයක්

ඉරානයෙන් ශ්‍රී ලංකාවට පිළිකා ඖෂධ තොගයක්

ඉරාන ජනරජය විසින් ඇමරිකානු ඩොලර් මිලියන 1.8 කට අධික පිළිකා ඖෂධ ඇතුළු අත්‍යවශ්‍ය ඖෂධ තොගයක් මෙරටට පිරිනමා තිබේ.

ඉරාන තානාපති හෂිම් අෂිද් විසින් මෙම ඖෂධ තොගය නිල වශයෙන් සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙළිය රඹුක්වැල්ල වෙත සෞඛ්‍ය අමාත්‍යාංශයේදී බාර දී ඇත.

මෙම පරිත්‍යාගය යටතේ මෙරටට අත්‍යවශ්‍ය ඖෂධ රැසක් හිමිව තිබෙන අතර අතර පිළිකා, හෘද රෝග, සමේ රෝග, වෛරස් ආසාදන, අධි රුධිර පීඩනය, පාකින්සන්ස් ආදී බොහොමයක් රෝග සඳහා වන ඖෂධ ඇතුළත් වන බවයි වාර්තා වන්නේ.