මේ දිනවල ඇදහැලෙන අධික වර්ෂාවත් සමඟ ජලාශ කිහිපයක්ම වාන් දමා ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.
ඒ අනුව මේ වනවිට දැදුරු ඔය ජලාශයේ වාන් දොරටු 2ක් සහ වෙහෙරගල ජලාශයේ වාන් දොරටු 4 ක් විවෘත කර ඇති බවයි එහි ජල කළමනාකරණ ඒකකයේ අධ්යක්ෂ සුදර්ශනි විදානපතිරණ පැවසුවේ.
මැණික් ගඟ භාවිත කිරීමේදී විමසිලිමත් වන්නැයි ඇය ජනතාවට දැනුම් දෙයි.