― political ―

ශ්‍රී ලංකාව වල පල්ලට යවනවාද කියා තීරණය ඇත්තේ ජනතාව අතේ – ශෙහාන්

ආර්ථික වශයෙන් පිහිතලයක් මත ඇති අයිස් කන්දක් මෙන් පවතින ශ්‍රී ලංකාව ඉතාමත් සීරුවෙන් කළමනාකරණය කළ යුතුව පවතින බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය මත ශ්‍රී...
HomeNewsඩිජිටල්කරණය තුළින් සබඳතා ශක්තිමත් කරන්නැයි ඉල්ලීමක්

ඩිජිටල්කරණය තුළින් සබඳතා ශක්තිමත් කරන්නැයි ඉල්ලීමක්

ජනාධිපති රනිල් වික්‍රමසිංහ පොදුරාජ්‍ය මණ්ඩලීය රටවල නායක හමුවකට සහභාගීවී තිබේ.

එංගලන්තයේ පිහිටි පොදුරාජ්‍ය මණ්ඩලීය මහ ලේකම් කාර්යාලයේදී ඊයේ (05) පස්වරුවේ මෙම හමුව සිදුවී ඇත.

තුන්වන චාර්ල්ස් රජුගේ ප්‍රධානත්වයෙන් පැවති මෙයට පොදුරාජ්‍ය මණ්ඩලීය රටවල් 56ක නායකයින් එක්වී තිබේ.

මෙම වසර පොදුරාජ්‍ය මණ්ඩලීය තරුණයින්ගේ වසර ලෙස නම් කිරීමට ද මෙම සමුළුවේදී තීරණය කර තිබේ.

එම රාජ්‍ය නායක හමුවේදී අදහස් දක්වමින් චාර්ල්ස් රජු ප්‍රකාශ කර ඇත්තේ පොදුරාජ්‍ය මණ්ඩලය තම ජීවිතයේ ප්‍රමුඛස්ථානයක පවතින අතර එම රටවල සාරධර්ම සහ ජනතාවගේ අභිවෘද්ධිය සඳහා උපරිම සහයෝගය ලබා දෙන බවය.

මේ අතර ජනාධිපති මාධ්‍ය ඒකකය සඳහන් කළේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය ද පොදුරාජ්‍ය මණ්ඩලීය නායක සමුළුවට සහභාගී වූ බවය.

එහිදී තරුණ සහභාගීත්වය සහ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සඳහා සහාය දැක්වීමේදී පොදුරාජ්‍ය මණ්ඩලයේ වැදගත්කම අවධාරණය කර ඇති ජනාධිපතිවරයා, ඩිජිටල්කරණය තුළින් සබඳතා ශක්තිමත් කරන ලෙස ඉල්ලා තිබේ.