29.5 C
Colombo
Sunday, January 11, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsතුන්වන චාල්ස් රජු කිරුළු පළඳී

තුන්වන චාල්ස් රජු කිරුළු පළඳී

චාල්ස් කුමරු තුන්වන චාල්ස් රජු ලෙසට මීට සුළු මොහොතකට පෙර කිරුළු පළඳිනු ලැබුවා. ඒ වෙස්ට්මිනිස්ටර් ඇබේහිදී පැවැත්වෙන විශේෂ දේව මෙහෙය අතරතුරදීයි.

චාල්ස් රජු සහ කැමිලා රැජිනගේ රාජාභිෂේක දේව මෙහෙය වෙස්ට්මිනිස්ටර් ඇබේ දේවස්ථානයේදී යි පැවැත්වෙන්නේ.

රාජකීය පවුලේ සාමාජිකයන් මෙන්ම ප්‍රසිද්ධ පුද්ගලයින් සහ රාජ්‍ය නායකයින් ඇතුළු 2,200ක් පමණ ඊට එක්ව සිටිනවා.

බකිංහැම් මාලිගයේ සිට වෙස්ට්මිනිස්ටර් ඇබේ දේවස්ථානය දක්වා අති උත්කර්ෂවත් පෙරහැරක් මගින් චාල්ස් රජු රාජාභිෂේක මංගල්‍යය වෙනුවෙන් ගමන් කරන විට දහස් ගණනක් ජනයා මග දෙපස රැස්ව සිටියා.

දෙවැනි එලිසබෙත් රැජිනගේ අභාවයත් සමගයි තුන්වන චාල්ස් නමින් රාජ්‍යත්වයට පත් චාල්ස් කුමරුගේ රාජාභිෂේකය අද මෙලෙස සිදු කෙරුණේ.

වෙස්ට්මිනිස්ටර් ඇබේ දේවස්ථානය තුළ ගිතිකාවලින් සහ රාජකීය සංකේතවලින් සපිරුණු උත්සවයකදී යි චාල්ස් කුමරු තුන්වන චාල්ස් රජු ලෙස කිරුළු පළඳිනු ලැබුවේ.

ශාන්ත එඩ්වඩ්ගේ ඔටුන්න හිස මත තැබීමට පෙර, චාල්ස් රජු බයිබලය මත අත් තබා දිවුරුම් දෙනු ලැබුවා.

අනතුරුව කැමිලා, ආර්යාව ද රජ බිසවක් ලෙස මේරි රැජිනගේ කිරුළෙන් ඔටුනු පළඳවනු ලැබුවා.