― political ―

ශ්‍රී ලංකාව වල පල්ලට යවනවාද කියා තීරණය ඇත්තේ ජනතාව අතේ – ශෙහාන්

ආර්ථික වශයෙන් පිහිතලයක් මත ඇති අයිස් කන්දක් මෙන් පවතින ශ්‍රී ලංකාව ඉතාමත් සීරුවෙන් කළමනාකරණය කළ යුතුව පවතින බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය මත ශ්‍රී...
HomeHot Newsදියබෙදුම නගරයට කඩා වැදුණු වන අලියෙක් යකා නටයි

දියබෙදුම නගරයට කඩා වැදුණු වන අලියෙක් යකා නටයි

අද (06) දහවල් 1.30ට පමණ දියබෙදුම නගරයට කඩා වැදුණු වන අලියකු කුලප්පු වී නගරයේ කඩ සාප්පු හා නගරයේ නවතා තිබූ වාහනවලට හානි කරන ආකාරය එම ස්ථානයේ සිටි අයෙකු තම ජංගම දුරකතන කැමරාවේ සටහන් කරගෙන තිබෙනවා.

දියබෙදුම නගරයට අද මෙලෙස කඩා වැදුණු වන අලියා නගරය පුරා සැරිසරමින් වාහන රැසකට පහරදී විනාශ කර ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

ජනතාව ආරක්ෂිත ස්ථාන කරා දිවගොස් ඇති අතර නගරය පාළු ස්වභාවයක් ගෙන තිබූ බව සඳහන්.

වන අලියා ප්‍රධාන මාර්ගයේ තිබූ වාහන රැසකට පහර දෙමින් නගරය පුරා ඒ මේ අත ඇවිද ගොස් ඇති බව අප වාර්තාකරු ප්‍රකාශ කළා.

අද අලුයම් කාලයේ නගරයට පැමිණ ඇති වන අලියා දියබෙදුම ප්‍රාදේශීය රෝහල් භූමියට කොටුවී සිටියදී ජනතාව දැකීමත් සමඟ රෝහල් භූමියෙන් ප්‍රධාන මාර්ගයට පැමිණ නගරය හරහා ගිරිතලේ රක්ෂිතයට පළා ගොස් තිබෙනවා.