29 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsපොලිස් කොස්තාපල්වරියගේ ඇමතුමට රැවටුණු සැකකරු කොටුවෙයි

පොලිස් කොස්තාපල්වරියගේ ඇමතුමට රැවටුණු සැකකරු කොටුවෙයි

දිවයිනේ ප්‍රදේශ රැසක ජීවත් වන තරුණ තරුණියන් ප්‍රංශයට යවන බව පවසා රුපියල් කෝටියකට වැඩි මුදලක් සහ ඔවුන් සතු ගුවන් ගමන් බලපත්‍ර වංචනික ලෙස ලබා ගෙන සිටි පුද්ගලයෙකු කටුනායක පොලිසියේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ජෙරම් ක්‍රිශාන්ත පීරිස් නැමැති 46 හැවිරිදි සැකකරු රාගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව සඳහන්.

අත් අඩංගුවට ගන්නා අවස්ථාවේ ඔහු කටුනායක අමන්දොළුව ප්‍රදේශයේ තාවකාලික නවාතැනක පදිංචි වී සිටි බවයි පොලිසිය පවසන්නේ.

මෙම සැකකරුට එරෙහිව කටුනායක පොලිසියේ පැමිණිලි 08ක් සටහන් වී ඇති අතර, ඊට අමතරව පොළොන්නරුව, වීරඟුල, රාගම, එඬේරමුල්ල, ජා – ඇළ සහ වැල්ලම්පිටිය යන පොලිස් ස්ථානවලට ද පැමිණිලි ලැබී ඇති බවට තොරතුරු වාර්තා වී තිබෙනවා.

මීට අමතරව මෙම පුද්ගලයා ශ්‍රී ලංකාව පුරා යමින් මෙලෙස මුදල් සහ ගුවන් ගමන් බලපත්‍ර වංචාවන් සිදු කර ඇති බවට තොරතුරු ද මේ වනවිට ලැබී ඇති බවයි පොලිසිය පවසන්නේ.

කටුනායක පොලිසියේ කාන්තා පොලිස් කොස්තාපල්වරියක් මුදල් හදල් යහමින් ඇති, එමෙන්ම විදේශ ගත වීමේ දැඩි අවශ්‍යතාවයෙන් යුතු තරුණියක සේ ඔහුගේ ජංගම දුරකථනය වෙත ඇමතුම් ලබා දී කටුනායක නගරය වෙත ගෙන්වා ගෙන අත් අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරු මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර ඇති අතර එහිදී නියෝග කෙරුණේ ලබන 19 වනදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටයි.