― political ―

ශ්‍රී ලංකාව වල පල්ලට යවනවාද කියා තීරණය ඇත්තේ ජනතාව අතේ – ශෙහාන්

ආර්ථික වශයෙන් පිහිතලයක් මත ඇති අයිස් කන්දක් මෙන් පවතින ශ්‍රී ලංකාව ඉතාමත් සීරුවෙන් කළමනාකරණය කළ යුතුව පවතින බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය මත ශ්‍රී...
HomeSportමෙසී සමාව ගන්න සැරසෙයි

මෙසී සමාව ගන්න සැරසෙයි

ගිවිසුම් කඩකරමින් සෞදි අරාබියේ සිදුකළ සංචාරය සම්බන්ධයන් තමන් පැරිස් ක්‍රීඩා සමාජයෙන් සහ පැරිස් සෙන්ට් ජර්මේන් කණ්ඩායමේ ක්‍රීඩකයින්ගෙන් සමාව ගැනීමට අවශ්‍ය බව සුපිරි පාපන්දු ක්‍රීඩක ලියනොල් මෙසී පවසනවා.

මේ වනවිට පැරිස් ක්‍රීඩා සමාජය නියෝජනය කරන මෙසී පසුගියදා තමන් නියෝජනය කරන ක්‍රීඩා සමාජයට නොදන්වා සෞදි අරාබියේ සංචාරයක් සිදුකර තිබුණා. මේ හේතුවෙන් ඔහුට සති දෙකක තරග තහනමක් පැනවීමටයි පැරිස් ක්‍රීඩා සමාජයේ බලධාරීන් කටයුතු කර ඇත්තේ.

පැරිස් සෙන්ට් ජර්මේන් ක්‍රීඩා සමාජයේ මෙම තීරණයත් සමඟ කෝපයට පත් එහි ප්‍රේක්ෂකයින් එම ක්‍රීඩා සමාජයේ ප්‍රධාන කාර්යාලය ඉදිරිපිට විරෝධතා දක්වා සිටියා. මේ අතර පැරිස් උපනගරයක් වන බුගිවාල් හි පිහිටි සුපිරි පාපන්දු තරුවක් වන නේමාර්ගේ නිවස අසල ද රැස්වී ප්‍රේක්ෂකයින් එම තීරණය සම්බන්ධයෙන් අතෘප්තිය පළකර සිටියා.

මේ වනවිට පැරිස් ක්‍රීඩා සමාජය විසින් ඔවුන්ගේ පුහුණු පිටියේ මෙන්ම මෙසීගේ සහ නේමාර්ගේ නිවෙස්වල ආරක්ෂාව තර කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. මේ අතර පැරිස් සෙන්ට් ජර්මේන් කණ්ඩායමේ පුහුණුකරු ක්‍රිස්ටෝෆ් ගැල්ටියර් සඳහන් කළේ මෙසී තරග තහනමකට ලක් කිරීමට ගත් තීරණය මුලින්ම ගත යුතු තීරණයක් නොවන බවයි.