28.4 C
Colombo
Friday, July 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsරෝහලකින් ඔක්සිජන් සිලින්ඩර් සොරකම් කළ පිරිසක් අත්අඩංගුවට

රෝහලකින් ඔක්සිජන් සිලින්ඩර් සොරකම් කළ පිරිසක් අත්අඩංගුවට

පොළොන්නරුව මහ රෝහලේ ඔක්සිජන් සිලින්ඩර් 80ක් සොරකම් කර පිට පළාත්වලට විකුණු එම රෝහලේ, ඔක්සිජන් සැපයුම් අංශයේ සෞඛ්‍ය කාර්යය සහායකයා ඇතුළු 6දෙනකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ප්‍රධාන සැකකරු පොලොන්නරුව පලුගස්දමන ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර සෙසු සැකකරුවන් හෙයියන්තුඩුව සහ රාජගිරිය ප්‍රදේශවල පදිංචි අය බවයි පොලිසිය සඳහන් කළේ.

සොරකම් කරන ලද මෙම ඔක්සිජන් සිලින්ඩර රුපියල් 30,000ත් 40,000 ත් වැනි මුදලකට කොළඹ ප්‍රදේශයට අලෙවි කර ඇති බව හෙළිවී තිබෙනවා.

එමෙන්ම මෙම සිලින්ඩර් මිලදී ගන්නා අය රෝහල් සේවකයාගේ ගිණුමට රුපියල් ලක්ෂ 14ක් බැර කර ඇති බව ද මූලික විමර්ශන වලින් හෙලි වී තිබෙනවා.

පොළොන්නරුව රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂවරයාගේ පැමිණිල්ලකට අනුව කළ විමර්ශනයකදී යි මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත්තේ.

අධ්‍යක්ෂවරයාගේ පැමිණිල්ලට අනුව රෝහලේ ඔක්සිජන් සිලින්ඩර් 208ක් අතුරුදන්ව ඇති අතර පසුගිය 2022 වසරේ සිට මෙම සොරකම සිදු වී ඇති බව ද සඳහන්.

සැකකරුවන් පොලොන්නරුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

එමෙන්ම සැකකරුවන් ඔක්සිජන් සිලින්ඩර ප්‍රවාහනය කර ඇති බවට සැකකරන ලොරි රථය ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.