― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsPoliticalලංකාවේ සුන්දරත්වය හඳුනන්නේ සුළු පිරිසක් විතරයි

ලංකාවේ සුන්දරත්වය හඳුනන්නේ සුළු පිරිසක් විතරයි

ගිරිතලේ ප්‍රදේශයේ වනජීවී පුහුණු හා පර්යේෂණ සඳහා වන ආයතනයක් වනජීවී සහ වන සම්පත් සංරක්ෂණ අමාත්‍ය පවිත්‍රා දේවි වන්නිආරච්චිගේ ප්‍රධානත්වයෙන් විවෘත කර තිබෙනවා.

මෙම පුහුණු හා පර්යේෂණ ආයතනය සඳහා රුපියල් මිලියන 1050ක් පමණ වැය කර ඇති අතර ඒ සඳහා ආධාර හිමි වී ඇත්තේ ඇමරිකානු (USAID) වෙතින්.

අභිනවයෙන් විවෘත කළ වනජීවී පුහුණු ආයතනය පොළොන්නරුව දිස්ත්‍රික්කයටම සුවිශේෂී සම්පතක් බවත් මෙම පුහුණු ආයතනය තුළ විදේශ නිලධාරීන් පුහුණු කිරීමේ මට්ටමට පවත්වාගෙන යාමට හැකි වුවහොත් ස්වභාවික සම්පත් මෙන්ම වනජීවී සම්පත මෙරටට විදේශ විනිමය ගෙන ඒම සඳහා යොදාගත හැකි බව, අමාත්‍යවරිය සඳහන් කළා.

ඇය ප්‍රකාශ කළේ ශ්‍රී ලංකාවේ සම්බන්ධයෙන් තිබෙන සුන්දරතාවය හඳුනන්නේ ඉතාම සුළු පිරිසක් බවයි. ලොව බොහෝමයක් රටවල ජනතාව ශීත දේශගුණය හේතුවෙන් දුෂ්කර ලෙස ජීවත් වන නමුත් මෙරට ජනතාවට එවන් තත්වයකින් තොරව ජීවත් වීමට තරම් භාග්‍යයක් හිමිවී ඇති බවත් ශීත දේශගුණයෙන් පීඩාවට පත්වන ජනතාවට වරක් හෝ මෙරටට පැමිණිම අතිශය සතුටුදායක තත්ත්වයක් බවත් මෙම පුහුණු හා පර්යේෂණ ආයතනය ඒ සඳහා මහඟු දායකත්වයක් සපයන ස්ථානයක් බවට පත්කළ හැකි බවත් අමාත්‍යවරිය සඳහන් කළා.

වනජිවී දෙපාර්තමේන්තුව රට වෙනුවෙන් විශාල මෙහෙයක් කළ දෙපාර්තමේන්තුවක් වන අතර වනජීවී දෙපාර්තමේන්තුවට මෙවන් ආයතනයක් ඇති කරමින් හොඳ පුහුණුවක් ලබාදීමට හැකිවීම සම්බන්ධයෙන් තමන් සතුටු වන බව ද ඇය ප්‍රකාශ කර තිබෙනවා. මෙම ආයතනය රැකගැනීම සියලු දෙනාගේ වගකීමක් වන අතර මෙම ආයතනයේ නඩත්තුව වෙනුවෙන් දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට පුහුණු සැසි නොමැති අවස්ථාවලදී යම් මුදලක් අයකරමින් බාහිර පාර්ශවයනට දිය හැකි නම් එමගින් එදිනෙදා නඩත්තු කටයුතු කරගෙන යාමට හැකියාව ඇති බව ද අමාත්‍යවරිය පෙන්වා දෙනු ලැබුවා.

ඇය මෙහිදී කියාසිටියේ සිය දිවි දෙවෙනිකොට රාජකාරි කරන වනජීවී නිලධාරීන් වෙනුවෙන් ඔවුන්ට රාජකාරිය තුළ සිදුවන අනතුරු සහ ජීවිතය අවසන්වීම් වෙනුවෙන් වන්දි ලබාදීම සඳහා අවශ්‍ය පියවර ගෙන ඇති බවයි.

ඒ සඳහා වන කැබිනට් පත්‍රිකාව මේ වනවිට සකස් කර ඇති බව ද අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි ප්‍රකාශ කළා. සිය දිවිය දෙවැනි කොට රාජකාරි කරන නිලධාරීන්ට ඔවුන්ගේ රාජකාරිය වෙනුවෙන් සහතිකයක් ලැබිය යුතු බවත් එම නිලධාරීන්ගේ කැපකිරීමට අගයක් ලැබිය යුතු බවත් ඇය සඳහන් කළා.

තමන් අමාත්‍ය ධුරය ලබාගෙන මාස තුනකට ආසන්න කාලයක් තුළ වනජීවී දෙපාර්තමේන්තු නිලධාරීන්ගේ අභ්‍යන්තර ගැටලු රාශියක් විසඳීමට කටයුතු කළ බවත් එම නිලධාරීන් තෘප්තියෙන් සිය රාජකාරි නොකරන්නේ නම් ආයතනය පවත්වාගෙන යාමට නොහැකි බවත් අමාත්‍යවරිය වැඩිදුරටත් පෙන්වා දෙනු ලැබුවා.