23 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsසැරසිලි ආනයන තහනමෙන් රජයට මිලියන 900ක ඉතිරියක්

සැරසිලි ආනයන තහනමෙන් රජයට මිලියන 900ක ඉතිරියක්

වෙසක් සැරසිලි ආනයන තහනමෙන් රජයට රුපියල් මිලියන 900ක මුදලක් ඉතිරි කරගත හැකි වූ බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසයි.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ඊඑයි (05) රුවන්වැල්ල ප්‍රදේශයේ පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

එමිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා කියා සිටියේ තරඟකාරී මිල ගණන් යටතේ තම නිෂ්පාදන අලෙවි කිරීමට හැකි දේශීය නිෂ්පාදකයින් සඳහා නව වෙළෙඳපොළක් නිර්මාණය කළ බවයි.

එමෙන්ම ආනයනය තහනම් කළද මෙවර වෙසක් සැරසිලි සහ ප්‍රදර්ශනවල අඩුවීමක් සිදු නොවූ බවයි ඔහු එහිදී අවධාරණය කළේ.