30 C
Colombo
Wednesday, August 13, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsහපුතලේදී ඉන්ධන බවුසරයක් පෙරළෙයි

හපුතලේදී ඉන්ධන බවුසරයක් පෙරළෙයි

ඉන්ධන තොගයක් ප්‍රවාහනය කරමින් තිබූ බවුසර් රථයක් හල්දුම්මුල්ල, බත්ගොඩ ප්‍රදේශයේදී ප්‍රපාතයකට පෙරළී ගොස් අනතුරක් සිදුව තිබෙනවා.

අද (06) අලුයම මෙම අනතුර සිදුව ඇති බවයි තොරතුරු වාර්තා වුණේ.

ඩීසල් ලීටර් 33,000ක් රැගත් මෙම රථය මාර්ගයෙන් ඉවතට පැන අඩි 75ක පමණ ප්‍රපාතයකට පෙරළී නිවසක් මතට වැටී ඇති අතර එහිදී නිවසට ද දැඩි හානි සිදුව තිබෙනවා.

අනතුරින් එහි රියදුරු සහ සහයකයා තුවාල ලබා හපුතලේ රෝහලට ඇතුළත් කර ඇති බවයි වාර්තා වුණේ. පෙරළී ගිය ප්‍රයිම්මුවර් රථයෙන් ඉන්ධන කාන්දුවෙමින් පවතින අතර, ඒවා එක්රැස් කිරීම සඳහා ප්‍රදේශවාසීන් එම ස්ථානයට පැමිණ ඇති බවට ද තොරතුරු වාර්තා වනවා.