30 C
Colombo
Wednesday, March 25, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsහොර පාරෙන් ඉන්දියාවට යාමට තැත් කළ 06ක් අත්අඩංගුවට

හොර පාරෙන් ඉන්දියාවට යාමට තැත් කළ 06ක් අත්අඩංගුවට

මන්නාරම පොලිස් වසමේ ඉස්මොක්කන් තුරෙයි කුඩුව අසළදී ඊයේ (05) නීතිවිරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් ඉන්දියාවට පලා යාමට තැත් කළ සැකකරුවන් 04ක් හා සැකකාරියන් 02ක් අත්අඩංගුවට ගෙන තිබේ.

මන්නාරම නාවික හමුදා කඳවුරේ නිලධාරීන් කණ්ඩායමක් විසිනුයි මොවුන් අත්අඩංගුවට ගෙන ඇත්තේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අතර වයස අවුරුදු 07ක් හා 14ක පිරිමි දරුවන් දෙදෙනෙක්, අවුරුදු 38ක පිරිමි පුද්ගලයෙක් සහ වයස අවුරුදු 16ක් හා 37ක් පසුවන කාන්තාවන් දෙදෙනෙකුද වන බවයි නාවික හමුදාව පවසන්නේ.

සැකකරුවන් අද (06) මන්නාරම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.