11.3 C
London
Tuesday, May 30, 2023

උසස් පෙළ පිළිතුරු පත්‍ර ඇගයීම් කඩිනමින් අවසන් කිරීමට සැලසුම්

2022 උසස් පෙළ විභාගයේ උත්තර පත්‍ර පරීක්ෂා කිරීමේ කටයුතු කඩිනමින් අවසන් කිරීමට අපේක්ෂා කරන බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා.

ලබන සඳුදා උත්තර පත්‍ර පරීක්ෂා කිරීම සදහා වන උපදෙස් ලබාදීමේ සැසි ආරම්භ කරන බවයි විභාග දෙපාර්තමේන්තුව පැවසුවේ.

එම කටයුතු සඳහා විශ්ව විද්‍යාල ආචාර්යවරුන් සහ පිළිතුරු පත්‍ර ප්‍රධාන පරීක්ෂකවරුන් ද සහභාගී වනවා.

එහිදී එක් එක් විෂයට අදාළ ප්‍රශ්න පත්‍ර සදහා ලකුණු ලබා දීමේ ක්‍රියාපටිපාටිය පිළිබද සාකච්ඡා කරන බවයි විභාග දෙපාර්තමේන්තුවේ ආරංචි මාර්ග පැවසුවේ.

අනතුරුව ලබන 15 වනදා සිට උසස් පෙළ විභාගයේ උත්තර පත්‍ර පරික්ෂා කිරීමේ කටයුතු ආරම්භ කිරීමටයි තීරණය කර ඇත්තේ. දින 15ක් තුල එම කටයුතු අවසන් කිරීමට විභාග දෙපාර්තමේන්තුව අපේක්ෂා කරනවා.

මේ අතර සමාන්‍ය පෙළ විභාගය මැයි 29 වනදා සිට ආරම්භ වනවා.

එම විභාගය සදහා අවශ්‍ය මූලික කටයුතු ලබන 26 වනදායින් ආරම්භ වීමට නියමිත බැවින් එදින සිට සාමාන්‍ය පෙළ විභාගය අවසන් වන තෙක් උසස් පෙළ විභාගයේ උත්තර පත්‍ර පරික්ෂා කිරීමේ කටයුතු නතර කිරීමට සිදුවනු ඇති.

මේ අතර උසස් පෙළ විභාගයේ උත්තර පත්‍ර පරික්ෂා කිරීමේ කටයුතු සිදු කිරීම සදහා දිවයිනේ තෝරා ගත් පාසල්වල 06, 07, සහ 08 ශ්‍රේණිවලට අදාල පන්ති කාමර යොදා ගැනීමටයි විභාග දෙපාර්තමේන්තුවේ අවධානය යොමු වී ඇත්තේ.

ඒ අනුව උසස් පෙළ උත්තර පත්‍ර පරික්ෂා කිරීමේ කටයුතු අවසන් වන තුරු එම ශ්‍රේණිවල ඉගෙනුම ලබන සිසුන්ට නිවාඩු ලබා දෙනු ඇති.

එම කටයුතු සදහා අදාළ පාසල් ලබා දෙන ලෙසට විභාග දෙපාර්තමෙන්තුව අධ්‍යාපන අමාත්‍යංශයෙන් ඉල්ලීමක් ද කර තිබෙනවා.

2022 වසරට අදාල උසස් පෙළ විභාගයේ විෂයන් 08 කට අදාල ඇගයීම් කටයුතු මීට පෙර ආරම්භ වුනා.

ඒ අනුව තවත් විෂයන් 55 කට අදාළ ඇගයීම් කටයුතු මැයි 15 වනදා සිට ආරම්භ කිරීමටයි විභාග දෙපාර්තමේන්තුව තීරණය කර ඇත්තේ.

සාමාන්‍යයෙන් උසස් පෙළ විභාගයේ උත්තර පත්‍ර පරික්ෂා කිරීමේ කටයුතු සදහා ගුරුවරුන් 19,000 ක් පමණ අවශ්‍ය වනවා.

මේ වන විට ගුරුවරු 16,000කට ආසන්න පිරිසක් ඒ සදහා ඉදිරිපත්ව සිටින බව විභාග දෙපාර්තමේන්තුව පැවසුවා.

එම පිරිස යොදා ගනිමින් විවිධ ක්‍රමවේද ඔස්සේ උත්තර පත්‍ර පරික්ෂා කිරීමේ කටයුතු සිදුකළ හැකි බවද විභාග දෙපාර්තමේන්තුවේ ආරංචි මාර්ග වැඩිදුරටත් සදහන් කළා.

Latest

මෙරට ජනගහනයෙන් 17%ක් උග්‍ර ආහාර අනාරක්ෂිතභාවයෙන්

මෙරට ජනගහනයෙන් 17%ක පිරිසක් මධ්‍යස්ථ උග්‍ර ආහාර අනාරක්ෂිතභාවයෙන් පීඩාවට...

හිටපු ජනපතිවරයෙක්ට වසර 14ක සිර දඬුවම්

එල් සැල්වදෝරයේ හිටපු ජනාධිපති මෞරීසියෝ ෆූනේස්ට වසර 14ක සිර...

සිසුසැරිය සම්පූර්ණ වියදම රජයට දරන්න අමාරුයි – බන්දුල

සිසුසැරිය පාසල් බස් සේවාව සඳහා යම් අයකිරීමක් සිදුකිරීමට සිදුවන...

“ජනතාවට සේවය කිරීමට ඇමැතිකම් ඕනේ නැහැ”

ජනතාවට සේවය කිරීමට ඇමැතිකම් අවශ්‍ය නැති බවත් තම අමාත්‍ය...

Don't miss

සිසුසැරිය සම්පූර්ණ වියදම රජයට දරන්න අමාරුයි – බන්දුල

සිසුසැරිය පාසල් බස් සේවාව සඳහා යම් අයකිරීමක් සිදුකිරීමට සිදුවන...

“ජනතාවට සේවය කිරීමට ඇමැතිකම් ඕනේ නැහැ”

ජනතාවට සේවය කිරීමට ඇමැතිකම් අවශ්‍ය නැති බවත් තම අමාත්‍ය...

මං ඉල්ලා අස්වෙන්නේ නැහැ – අලි සබ්රි

තමන් කිසිසේත්ම මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීමට සූදානම් නැති බව...

තොණ්ඩමන්ගේ ගුණ සමරමින් විශේෂ සමරු මුද්දරයක්

හිටපු අමාත්‍යවරයෙකු මෙන්ම ලංකා කම්කරු කොංග්‍රසයේ හිටපු නායක සහ...

ජූනි 8 කොළඹදී දැවැන්ත විරෝධතාවක් පවත්වනවා

යළි මැතිවරණයක් සඳහා වන ප්‍රචාරක කටයුතු ලබන මාසයේ ආරම්භ...

විවාහ මංගල්‍යට සූදානම් වෙමින් සිටි මනමාලියට ඇසිඩ් ප්‍රහාරයක්

අද (27) දිනයේ තම විවාහ මංගල්‍යට සූදානම් වෙමින් සිටි තරුණියක් ඇසිඩ් ප්‍රහාරයකට ලක්ව බරපතළ තත්ත්වයෙන් මාතර මහ රෝහලට ඇතුළත් කර තිබෙනවා. වැලිගම පොලිස් වසමේ මදුරාගොඩ...

බුදුදහමට අපහාස වන ප්‍රකාශ සිදුකළ නතාෂාට එරෙහිව CIDයට පැමිණිල්ලක්

බෞද්ධ දර්ශනයට හා බෞද්ධ සංස්කෘතියට අගෞරව වන ලෙස දේශන පැවැත්වූ නතාෂා එදිරිසූරිය නමැති කාන්තාවට එරෙහිව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත්ව තිබෙනවා. අල්ලසයට, දූෂණයට, නාස්තියට එරෙහි...

අකුණු සැර වැදීමෙන් තරුණයන් දෙදෙනකු ජීවිතක්ෂයට

බුත්තල ගෝනගංආර වගුරුවෙල ප්‍රදේශයේ කුඹුරු ඉඩමකදී අකුණු සැර වැදීමෙන් තරුණයන් දෙදෙනකු ජීවිතක්ෂයට පත් වී තිබෙනවා. අද පස්වරුවේ කුඹුරේ වගා කටයුතුවල නිරත වෙමින් සිටියදී ඔවුන්ට අකුණු...

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here