28.9 C
Colombo
Saturday, July 19, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඅයහපත් කාලගුණික තත්ත්වය සමඟ රෝග ව්‍යාප්තිය ඉහළට

අයහපත් කාලගුණික තත්ත්වය සමඟ රෝග ව්‍යාප්තිය ඉහළට

මේ දිනවල අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් කුඩා ළමුන් අතර පාචනය වැනි රෝග ඉහළ යාමක් දක්නට ලැබෙන බව සෞඛ්‍ය අංශ පවසනවා.

ඔවුන් පෙන්වා දෙන්නේ වර්ෂාවත් සමග මැස්සන් වැනි සතුන්ගේ බෝවීම ඉහළ යාම මෙම රෝගී තත්ත්වයන්ට හේතු වී ඇති බවයි.

කුඩා දරුවන් මෙවැනි රෝගවලින් ආරක්ෂා කරගැනීම සඳහා සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රම අනුගමනය කිරීම ඉතා වැදගත් බව වෛද්‍යවරුන් අවධාරණය කරනවා.

මේ අතර පවතින වැසි සහිත කාලගුණ තත්ත්වයත් සමග වසංගත රෝග ව්‍යාප්තිය ද ඉහළ යමින් පවතින බව සෞඛ්‍ය අංශ පවසනවා.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ සඳහන් කළේ මේ පිළිබඳ ජනතාව වැඩි අවධානයක් යොමුකළ යුතු බවයි.

එමෙන්ම කොවිඩ් 19 වෛරසය ආසාදනය වීම හේතුවෙන් පුද්ගල මරණ 03ක් පෙරේදා දිනයේ සිදුව ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය තහවුරු කර තිබෙනවා.

පෙරේදා දිනය තුළ නව කොවිඩ් ආසාදිතයින් 08 දෙනෙකු ද හඳුනාගෙන ඇති බවයි සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා ඒකකය කියාසිටියේ.