28 C
Colombo
Wednesday, February 25, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsචාල්ස් රජුව ප්‍රතික්ෂේප කරමින් විරෝධතා දැක්වූ පිරිසක් අත්අඩංගුවට

චාල්ස් රජුව ප්‍රතික්ෂේප කරමින් විරෝධතා දැක්වූ පිරිසක් අත්අඩංගුවට

ඊයේ (06) දශක 7ක කාලයක් බ්‍රිතාන්‍යය ඇතුළු යටත්විජිත රාජ්‍යයන් පාලනය කළ දෙවැනි එලිසබෙත් රැජිනගේ අභාවයත් සමග තෙවන චාල්ස් නමින් රාජ්‍යත්වයට පත් චාල්ස් රජුගේ රාජාභිෂේකය පැවැත්විණ.

එම තෙවන චාල්ස් රජුගේ රාජාභිෂේකයට එරෙහිව බ්‍රිතාන්‍යය පුරා විරෝධතාවයන් ඇති විය.

එයට විරෝධය පළකරමින් රාජාණ්ඩු විරෝධී විරෝධතාකරුවන් ට්‍රැෆගල් චතුරස්‍රයේ විරෝධාතවල නිරත විය.

විරෝධතාවයේ නිරත වූ පුද්ගලයින් 52දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.

ලන්ඩන් මෙට්‍රෝපොලිටන් පොලීසිය විසින් ආණ්ඩු විරෝධි කණ්ඩායමක නායකයෙකු ඇතුළු පිරිසක් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වන්නේ.