― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeHot Newsණය ප්‍රතිව්‍යුහගත කිරීමට ජපානයේ සහාය

ණය ප්‍රතිව්‍යුහගත කිරීමට ජපානයේ සහාය

ශ්‍රී ලංකාවේ ප්‍රධාන ණය හිමියන් වන , ඉන්දියාව සහ ප්‍රංශය මෙරට ණය ප්‍රතිව්‍යූහගත කරණ ක්‍රියාවලිය සඳහා ලබාදෙන දායක්වයට ජපානයද සිය සහය පළ කරන බව ජපාන මුදල් අමාත්‍ය සූනිචි සුසුකි මහතා පවසයි.

අනාගත ණය අර්බුද වළක්වා ගැනීම සඳහා, ණය දත්ත විනිවිදභාවය සහ නිරවද්‍යතාවය වැඩිදියුණු කිරීම අත්‍යවශ්‍ය බවයි ආසියානු සංවර්ධන බැංකුවේ පාලක මණ්ඩල රැස්වීමේදී අදහස් දක්වමින් ඔහු කියා සිටියේ.

COVID-19 වසංගතය සහ රුසියාව යුක්රේනය ආක්‍රමණය කිරීම මධ්‍යයේ ණය අවදානම් සම්බන්ධයෙන් අඩු සහ මධ්‍යම ආදායම් ලබන ජාතීන් මුහුණ දෙන ඉහළ අවදානම් ජපාන මුදල් අමාත්‍ය වරයා මෙහිදී සිය අවධානයට යොමු කර තිබේ.