― political ―

අලුත් දේවල් හඳුන්වා දීම වික්‍රමසිංහ පරම්පරාවේ ලක්ෂණයක් – අගමැති

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා උතුරේ සිට දකුණටත්, නැගෙනහිර සිට බටහිරටත් ජනතාවගේ මූලික අවශ්‍යතා හිඟයකින් තොරව ලබාදීමට කටයුතු කළ ශ්‍රේෂ්ඨ නායකයෙක් බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන...
HomeHot Newsතරුණයෙක් සමග හෝටලයට පැමිණි 16 හැවිරිදි තරුණියගේ නිරුවත් මළ සිරුර හමුවෙයි 

තරුණයෙක් සමග හෝටලයට පැමිණි 16 හැවිරිදි තරුණියගේ නිරුවත් මළ සිරුර හමුවෙයි 

තාවකාලික නවාතැන් පොලක පස්මහල් ගොඩනැගිල්ලක තුන්වන මහලින් ඇද වැටී මියගිය බවට සැක කෙරෙන 16 හැවිරිදි පාසල් සිසුවියකගේ නිරුවත් මළසිරුරක් ඊයේ (06) රාත්‍රි සොයාගත් බව කළුතර දකුණ පොලිසිය පවසනවා.

මියගොස් ඇති සිසුවිය නාගොඩ ප්‍රදේශයේ පදිංචිකාරියක් බවටයි හඳුනාගෙන ඇත්තේ.

කාමර කුලියට දෙන නවාතැන් පොලක් පිටුපස දුම්රිය මාර්ගය අසල තරුණියකගේ නිරුවත් මළ සිරුරක් වැටී තිබෙන බවට ලැබුණු තොරතුරක් මත පොලිසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා.

ඒ අනුව කළ සොයා බැලීමකදී පස්මහල් ගොඩනැගිල්ල පිටුපස දුම්රිය මාර්ගය ආසන්නයේ වැටී තිබූ මළ සිරුර සොයාගෙන තිබුණා.

මියගොස් ඇති සිසුවිය ඊයේ පස්වරුවේ තවත් තරුණ යුවලක් සහ තරුණයෙක් සමග කළුතර නගරයේ දුම්රිය මාර්ගයට යාබද පිහිටි තාවකාලික නවාතැන් පොලක තුන්වන මහලෙහි කාමර දෙකක් කුලියට ගෙන රැඳී සිට ඇති බවටයි තොරතුරු ලැබී ඇත්තේ.

සිසුවිය සමග පැමිණි අනෙක් යුවළ මළසිරුර හමුවීමට විනාඩි 30 කට පමණ පෙර නවාතැන් පොලෙන් පිටව ගොස් ඇතැයි සඳහන්.

එමෙන්ම මෙම තරුණිය සමග පැමිණි බව කියන තරුණයා ද කාමරයෙන් පිටවී ගොස් ඇති බවයි පොලිස් විමර්ශනවලදී හෙළිවී ඇත්තේ.

ඔහු සොයා පරීක්ෂණ සිදුකරන බව පොලිසිය සඳහන් කළා.

සිද්ධියට අදාළව සැක පිට මෙම තරුණිය සහ තරුණයා සමග හෝටලයට පැමිණි අනෙක් තරුණ යුවළ පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කළුතර කොට්ඨාස අපරාධ ස්ථාන පරීක්ෂණ නිලධාරීන් පරීක්ෂණ සිදුකරන අතර මහේස්ත්‍රාත් පරීක්ෂණය සිදු කිරිමට නියමිතයි.

මියගිය තරුණියගේ හිස, ගෙල, පපුව සහ කලවා ප්‍රදේශයේ සීරීම්, කැපීම් සහ තැලීම් තුවාල දැකගැනීමට හැකිවූ බව පොලිසිය ප්‍රකාශ කළා.

මෙය මනුෂ්‍ය ඝාතනයක්ද ? නොඑසේ නම් සියදිවි නසාගැනීමක්ද ? යන්න සම්බන්දයෙන් පරීක්ෂණ සිදුකරන බවයි පොලිසිය වැඩිදුරටත් කියාසිටියේ.