32 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsනාඳුනන මළ සිරුරු දෙකක් හමුවෙයි

නාඳුනන මළ සිරුරු දෙකක් හමුවෙයි

කිරිබත්ගොඩ සහ බෙන්තර ගගේ තිබී නාඳුනන පුද්ගල මළ සිරුරු දෙකක් හමුවී තිබෙනවා.

ඊයේ රාත්‍රී එක් සිරුරක් සොයා ගැණුනේ පොලිස් හදිසි ඇමතුම් අංශයට ලැබුණු තොරතුරකට අනුවයි.

එම ඇමතුම ලැබී ඇත්තේ ගාල හන්දියේ ශාරීරික සුවතා මංතීරුව අසලින් ගලා බසන ඇල මාර්ගයේ නාඳුනන මළ සිරුරක් ඇති බවට දන්වමින්.

පොලිසිය සඳහන් කළේ පැවති අධික වර්ෂාව හේතුවෙන් ඇල මාර්ගය ඔස්සේ පැමිණි ජල පහර හේතුවෙන් මෙම සිරුර ජලයේ ගසාගෙන පැමිණ ඇති බවටයි.

ඇල මාර්ගය පැමිණෙන ප්‍රදේශයන්ට අයත් කැලණිය සහ ගම්පහ කොට්ඨාසවල පොලිස් ස්ථානවලට සිරුර සම්බන්ධයෙන් දැනුම් දී තිබෙනවා.

මේ අතර අලුත්ගම වැලිපැන්න මාර්ගයේ අලුත්ගම මහජන පොළ පිටුපස බෙන්තර ගඟේ පාවෙමින් තිබූ නාඳුනන පිරිමි මළසිරුරක් සොයාගෙන තිබෙනවා.

මෙම සතිය ඇතුලත ගඟේ පාවී ආ දෙවැනි මළ සිරුර මෙයයි.

මියගොස් ඇත්තේ වයස අවුරුදු 55ක් පමණ අයෙක් බවට පොලිසිය සැක කරනවා.

මළ සිරුර කලුතර ශික්ෂණ රෝහලට යැවීමට කටයුතු යොදා ඇති අතර අලුත්ගම පොලිසිය මියගිය අය හඳුනා ගැනීම සඳහා මහජන සහාය පතනවා.