24.5 C
Colombo
Thursday, February 12, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsවන්දනාකරුවන් රැගත් රථයක් පෙරළෙයි - 10ක් රෝහලේ

වන්දනාකරුවන් රැගත් රථයක් පෙරළෙයි – 10ක් රෝහලේ

වෙසක් සිරි නැරඹීම සඳහා කොළඹ ප්‍රදේශයට ගොස් නැවත එමින් සිටි පිරිසක් ගමන් ගත් බෝලේරෝ වර්ගයේ කැබ් රථයක් මාර්ගය හරහා පෙරලී යාමෙන් සිදු වූ අනතුරකින් 10 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.

පානදුර වලාන ප්‍රදේශයේදී මෙම අනතුර සිදු වී ඇත්තේ රියදුරුට නින්ද යාම හේතුවෙන් බවටයි අනාවරණ වී ඇත්තේ.

වන්දනාකරුවන් රථය කළුතර දෙසට ගමන් කරමින් සිටියදී රියදුරුට නින්ද යාම හමුවේ වේගය පාලනය කර ගැනීමට නොහැකිව මාර්ගය මැද තිබූ විදුලි කණුවකට ද හානි කරමින් පෙරලී ගොස් තිබෙනවා.

එහි ගමන් කර ඇත්තේ මතුගම ප්‍රදේශයේ පදිංචිකරුවන් පිරිසක්.

මෙම අනතුරෙන් කුඩා ළමුන්ට තුන් දෙනෙකු ඇතුළු 10 දෙනෙකු තුවාල ලබා පානදුර මූලික රෝහලට ඇතුළත් කර තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් පානදුර දකුණ පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරනවා.