27.2 C
Colombo
Sunday, July 20, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsසීමා නිර්ණ ජාතික කමිටු අවසන් වාර්තාව මැයි මස අගදී

සීමා නිර්ණ ජාතික කමිටු අවසන් වාර්තාව මැයි මස අගදී

සිය අතුරු වාර්තාව සම්බන්දයෙන් විවිධ පාර්ශ්වවලින් මේ වන විට යෝජනා 400කට ආසන්න සංඛ්‍යාවක් ලැබී ඇතැයි, පළාත් පාලන සීමා නිර්ණ ජාතික කමිටුව පවසයි.

එලෙස යොමු කර ඇති යෝජනා සම්බන්දයෙන් සිය නිරීක්ෂණ, කඩිනමින් අදාළ පාර්ශව වෙත යොමු කිරීමට අපේක්ෂා කරන බවයි එහි සභාපති මහින්ද දේශප්‍රිය මහතා සඳහන් කළේ.

පළාත් පාලන සීමා නිර්ණ ජාතික කමිටුවේ අතුරු වාර්තාවක් පසුගිය අප්‍රේල් 11 වැනිදා අග්‍රාමාත්‍යවරයා වෙත භාර දුන්නේ ය.

එම අතුරු වාර්තාව සම්බ්න්ධයෙන් දේශපාලන පක්ෂ නියෝජිතයින් , සිවිල් සංවිධාන ක්‍රියාකාරින් ඇතැලු ඒ පිළිබඳ උනන්දුවක් දක්වන ඕනෑම පාර්ශ්වයකට අදහස් සහ යෝජනා ඉදිරිපත් කිරීමට දුන් අවස්ථාන පසුගිය 27 වැනිදායින් අවසන් විය.

එලෙස ඉදිරිපත් කෙරුණු යෝජනා, සීමා නිර්ණ ජාතික කමිටුවේ අවසන් වාර්තාව සකස් කිරීමේදී සැලකිල්ලට ගැනීමට නියමිතව ඇත.

පළාත් පාලන ආයතන සීමා නිර්ණ ජාතික කමිටුවේ අවසන් වාර්තාව, මැයි මස තුන් වන සතියේ පමණ භාර දීමට අපේක්ෂා කරන බව, එහි සභාපති මහින්ද දේශප්‍රිය මහතා සඳහන් කළේ ය.

එම කමිටුව පසුගිය වසරේ පත් කෙරුණේ, පළාත් පාලන සභිකයින් සංඛ්‍යාව 4,000ක් පමණ දක්වා අඩු කිරීමේ අරමුණ ඇතිවයි.