27.2 C
Colombo
Friday, July 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsසුළි කුණාටුවක් ගැන කාලගුණයෙන් අනතුරු ඇඟවීමක්

සුළි කුණාටුවක් ගැන කාලගුණයෙන් අනතුරු ඇඟවීමක්

ගිනිකොනදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව වායුගෝලයේ කැලඹිලි ස්වභාවය වර්ධනය වී ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.

එම තත්ත්වය ඉදිරි දින කිහිපයේ දී අඩු පීඩන කලාපයක් දක්වාත් පසුව සුළි කුණාටුවක් දක්වාත් වර්ධනය වන බවයි කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේ.

ඒ, අනුව ගිනිකොනදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ යාත්‍රා කරන බහුදින ධීවර යාත්‍රා සහ නාවික යාත්‍රා සඳහා අවවාදාත්මක නිවේදනයක් මේ වනවිට කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් නිකුත් කර තිබෙනවා.

එම නිවේදනය හෙට (08) පස්වරු 3.0 දක්වා බලපැවැත්වෙන බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

ඒ, අනුව උතුරු අක්ෂාංශ 05 – 10ත් අතර, නැගෙනහිර දේශාංශ 90 – 100ත් අතර සහ උතුරු අක්ෂාංශ 01 – 04ත් සහ නැගෙනහිර දේශාංශ 85 – 92ත් අතර මුහුදු ප්‍රදේශවලට ඉදිරි දින කිහිපයේ දී යාත්‍රා නොකරන ලෙස ධීවර හා නාවික ප්‍රජාවට දැනුම් දී ඇති බව සඳහන්.

එම ප්‍රදේශවල ධීවර කටයුතුවල යෙදී සිටින පිරිස වහාම ගොඩබිමට හෝ ආරක්ෂිත ස්ථානයක් වෙත පැමිණෙන ලෙස ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.