― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsළමුන් ඇතුළු තවත් ශ්‍රී ලාංකික සරණාගතයින් පිරිසක් ඉන්දියාවට

ළමුන් ඇතුළු තවත් ශ්‍රී ලාංකික සරණාගතයින් පිරිසක් ඉන්දියාවට

මුලතිව් ප්‍රදේශයේ පදිංචිව සිටි ළමුන් තිදෙනෙකු ඇතුළු තවත් ශ්‍රී ලාංකිකයින් දස දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් ඉන්දියාවට පළා ගොස් ඇතැයි එරට මාධ්‍ය වාර්තා පවසනවා.

හින්දු පුවත්පත වාර්තා කළේ මෙම පිරිස යාත්‍රාවකින් ඉන්දියාවේ ධනුෂ්කොඩි වෙත ළඟා වූ බවයි.

ඉන්දියා වෙරළාරක්ෂක පොලිසිය විසින් එම පිරිස ප්‍රශ්න කිරීම සඳහා මණ්ඩපම් දුම්රිය ස්ථානයට රැගෙනවිත් ඇති බවයි වාර්තා වන්නේ.

මුලතිව් ප්‍රදේශයේ පදිංචි මෙම 10 දෙනා මෙලෙස තම රට හැර යාමට තීරණය කර ඇත්තේ ආර්ථික අර්බුදය සහ අත්‍යාවශ්‍ය භාණ්ඩ මිල ගණන් ඉහළ යෑමත් සමඟ බව මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළා.

එමෙන්ම අදායම් උපයා ගැනීම වෙනුවෙන් තමන්ට නිතිපතා රැකියා නොලැබෙන බව ද මෙම ලාංකිකයන් ප්‍රකාශ කර ඇතැයි සඳහන්.

පරීක්ෂණ අවසන් වීමෙන් අනතුරුව මෙම ශ්‍රී ලාංකිකයන් පිරිස මණ්ඩපම් පුනරුත්ථාපන මධ්‍යස්ථානය වෙත යොමු කර තිබෙනවා.

ඉන්දීය වෙරළාරක්ෂක නිලධාරීන් පවසා ඇත්තේ පසුගිය අප්‍රේල් මාසයේදී ද ශ්‍රී ලාංකිකයින් පස් දෙනෙකු යාත්‍රාවකින් තමිල්නාඩුවට පැමිණි බවයි.

මණ්ඩපම් පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ එලෙස පැමිණි ශ්‍රී ලාංකිකයන් ඇතුළු සරණාගතයින් 250කට වඩා වැඩි පිරිසක් රැඳී සිටිනවා.

ගත වූ වසරක පමණ කාලය තුළ ශ්‍රී ලාංකිකයින් 150 දෙනෙකු පමණ පිරිසක් බෝට්ටු මඟින් දකුණු ඉන්දියාවේ දනුෂ්කොඩි වෙත පැමිණ ඇති බවද මාධ්‍ය වාර්තා කරනවා.